අම්බලන්තොට, මාමඩලේ ඝාතනයක් – හිස කඳෙන් වෙන්කර පිළිරුවක ගහලා

අම්බලන්තොට පොලිස් වසමේ මාමඩල ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයෙකුට වෙඩි තබා මන්නා පිහියකින් කොටා ඊයේ (11) රාත්‍රියේ ඝාතනයක් සිදුකර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 34ක මාමඩල ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.

ඝාතනයට ලක්වූ පුද්ගලාගේ මාමණ්ඩියට ද මන්නා පිහියකින් සිදු කළ පහරදීමෙන් තුවාල ලබා ප්‍රථිකාර සඳහා හම්බන්තොට රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

මියගිය පුද්ගලයා ඝාතනය කිරීමට පුද්ගලයින් තිදෙනෙකු ඔහුගේ නිවසට පැමිණ ඇති අතර, ඝාතනය සිදුකිරීමෙන් අනතුරුව ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ හිස කඳින් වෙන්කර මාමඩල මංසන්දියේ ඇති පිළිරුවක ගසා ගොස් ඇති බව වාර්තා වනවා.

ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පාර්ශවයේ සිදු වූ ත්‍රිත්ව මනුෂ්‍ය ඝාතනයකට පළි ගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

මෙම අපරාධය සිදුකළ සැකකරුවන් තිදෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්තොට පොලිසිය විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
4
+1
0
+1
11
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12