AFC Banner
AFC Banner
Empty Ad

අමතර එක්දින තරගයක් දෙන ලෙසට ඔස්ට්‍රෙලියාව ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි

සංචාරක ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් කණ්ඩායම මෙම මස අන්තිම සතිය වන විට ටෙස්ට් සහ එක්දින තරගාවලියක් සඳහා දිවයිනට ඒමට නියමිත ව ඇති අතර එහි ක්‍රිකට් ආයතනය මෙරට ක්‍රිකට් පාලනාධිකාරියෙන් විශේෂ ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

ඒ දෙරට අතර පැවැත්වීමට නියමිත එක් එක්දින තරගයට තවත් තරගයක් එක් කර එම තරගාවලිය තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලියක් කරන ලෙසයි.

එම ඉල්ලීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවමත් සලකා බලමින් සිටින බවත් ඉදිරියේ දී සිය පාර්ශ්වයේ තීන්දුව දැනුම්දෙනු ඇති බවත් වාර්තා වනවා.

මෙම තීරණයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟ වුවහොත්; යහමින් විදුලි පහන් ආලෝකය පවතින කොළඹ ආර්. ප්‍රේමදාස තණතීරුවේ දී මෙම එක්දින තරගය පැවැත්වීමට බොහෝ ඉඩකඩ පවතින බවයි වාර්තා වන්නේ.

දෙරට අතර පළමු එක්දින තරගය පෙබරවාරි මස 13 වැනි දින හම්බන්තොට දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

එබැවින් මෙම තරගාවලියට එක් පන්දුවාර 50 තරගයක් හිමි ව ඇති හෙයින් ඊට තවත් අමතර එක්දින තරගයක් එක් කරන ලෙසට ඔස්ට්‍රෙලියාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
24
+1
4
+1
30
+1
4
+1
2
+1
2
+1
4
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?