අමතර එක්දින තරගයක් දෙන ලෙසට ඔස්ට්‍රෙලියාව ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි

සංචාරක ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් කණ්ඩායම මෙම මස අන්තිම සතිය වන විට ටෙස්ට් සහ එක්දින තරගාවලියක් සඳහා දිවයිනට ඒමට නියමිත ව ඇති අතර එහි ක්‍රිකට් ආයතනය මෙරට ක්‍රිකට් පාලනාධිකාරියෙන් විශේෂ ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

ඒ දෙරට අතර පැවැත්වීමට නියමිත එක් එක්දින තරගයට තවත් තරගයක් එක් කර එම තරගාවලිය තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලියක් කරන ලෙසයි.

එම ඉල්ලීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවමත් සලකා බලමින් සිටින බවත් ඉදිරියේ දී සිය පාර්ශ්වයේ තීන්දුව දැනුම්දෙනු ඇති බවත් වාර්තා වනවා.

මෙම තීරණයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟ වුවහොත්; යහමින් විදුලි පහන් ආලෝකය පවතින කොළඹ ආර්. ප්‍රේමදාස තණතීරුවේ දී මෙම එක්දින තරගය පැවැත්වීමට බොහෝ ඉඩකඩ පවතින බවයි වාර්තා වන්නේ.

දෙරට අතර පළමු එක්දින තරගය පෙබරවාරි මස 13 වැනි දින හම්බන්තොට දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

එබැවින් මෙම තරගාවලියට එක් පන්දුවාර 50 තරගයක් හිමි ව ඇති හෙයින් ඊට තවත් අමතර එක්දින තරගයක් එක් කරන ලෙසට ඔස්ට්‍රෙලියාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39