spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අපූරු ලෝක වාර්තාවකට සැරසෙන ලාංකික තරුණයා

අඩි හයක ගැඹුර ඇති වලක් තුළට බැස උඩින් පස් වසා ඒ මත ගින්දර දල්වමින් පැය 6ක කාලයක් වල තුළ නිදාගෙන ප්‍රකෘති සිහියෙන් නැවත ගොඩ ඒ මේ ලෝක වාර්තාවක් තැබීම සඳහා මාතලේ තරුණයෙකු සූදානමින් සිටී.

ලොව කිසිම කෙනෙකු මෙම ක්‍රියාවලිය සිදු කර නොමැති බවත් එම ක්‍රියාවලිය තමන් සිදු කරන්නට උත්සාහ කරන්නේ මුළු ලෝකයේම අවධානය තම මව් රට වෙත යොමු කරවා ගැනීම සඳහා බව හෙතෙම කියයි.

මාතලේ ගොන්ගාවිල පාර ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි මොහොමදු මශ්හුන් මුසාදික් නැමති මෙම තරුණයා මෙම ලෝක වාර්තාව තැබීම් සඳහා සූදානමින් සිටි.

මේ වන විටත් අවස්ථා ගණනාවක් මෙම තරුණයා මිතුරන් කිහිප දෙනෙකු එක්ව මෙම බිහිසුණු ක්‍රියාවලිය පුරුදු පුහුණු වී සිටීම විශේෂත්වයකි .

ලෝක වාර්තාව තැබීම සඳහා අවස්ථා ගණනාවක් පුරුදු පුහුණු වූ බවත් මීට දින කීපයකට ඉහතදී මාතලේ ප්‍රදේශයේ දී තම මිතුරන් කීප දෙනෙකුගේ සහාය ඇතිව කැමරා කිහිපයක් උපයෝගී කරගෙන අඩි හයක වළක් කපා ඒ මත නිදාගෙන උඩින් පස් වසා භූමිතෙල් සහ දර යොදාගෙන ගිනි තබා පැය දෙකක වැඩි කාලයක් ඒ තුළ රැඳී සිටි බවත් ඒම සියලු සිද්ධීන් කැමරා කිහිපයක් යොදාගෙන එළියෙ සහ වල ඇතුලේ රූගත කිරීම් සිදුකර ඇතැයි ඒ මහතා සඳහන් කළේය. මහ පොළොව යට පස් වසා නිදාගෙන සිටින ලෝක වාර්තාවක් මීට පෙර පකිස්ථානු ජාතිකයෙකු විනාඩි විසි එකක කාලයක් සිට ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙන බවත් ඔහු උඩින් ගින්දර දමා නොතිබූ බවද එම වාර්තාව අභිබවා තමන් මේ වන විටත් පැය දෙකයි විනාඩි 14ක කාලයක් අත් අත්හදා බලා ඇතැයි සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?