AFC Banner
Empty Ad
Empty Ad

අනුරපුරේ සා.පෙළ විභාග මධ්‍යස්ථානයක මවක් යකා නටයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් දිනය අදයි.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,527 කදී පැවැත්වෙන විභාගයට පාසල් අයදුම්කරුවන් 387, 648ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 65,331 දෙනෙකු පෙනී සිටිනවා.

මේ අතර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන අනුරාධපුර සහිරා විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පසු එක් සිසුවෙකුගේ මවක්, එම විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයකට අනවසරයෙන් ඇතුළු වී සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධියක් වාර්තා වනවා.

මෙම සිදුවීමත් සමඟ එම විභාග මධ්‍යස්ථානයේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබූ බවයි වාර්තා වුණේ.

විභාගය ආරම්භ වූ දින සිට මේ දක්වා සිසුන් දෙපිරිසක් අතර නිරන්තරයෙන් බහින්බස්වීම් ඇතිව ඇති අතර, පෙරේදා (13) දිනයේ එය ගුටි බැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් තිබෙනවා.

මෙම ගුටි බැට හුවමාරුවෙන් පසු ඊයේ (14) දිනයේ දී සිසුවෙකුගේ මවක් බලහත්කාරයෙන් විභාග මධ්‍යස්ථානයකට ඇතුළු වී එහි සිටි සිසුන් පිරිසකට පරුෂ වචනයෙන් බැන පහරදී ඇති බවයි වාර්තා වුණේ.

එහිදී කලහකාරී ලෙස හැසිරුණු අදාළ මව අත්අඩංගුවට ගෙන ඇති අතර, අනතුරුව දැඩි ලෙස අවවාද කර පොලිස් ඇප මත මුදාහැරීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
5
+1
4
+1
2
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?