අනුරපුරේ සා.පෙළ විභාග මධ්‍යස්ථානයක මවක් යකා නටයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් දිනය අදයි.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,527 කදී පැවැත්වෙන විභාගයට පාසල් අයදුම්කරුවන් 387, 648ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 65,331 දෙනෙකු පෙනී සිටිනවා.

මේ අතර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන අනුරාධපුර සහිරා විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පසු එක් සිසුවෙකුගේ මවක්, එම විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයකට අනවසරයෙන් ඇතුළු වී සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධියක් වාර්තා වනවා.

මෙම සිදුවීමත් සමඟ එම විභාග මධ්‍යස්ථානයේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබූ බවයි වාර්තා වුණේ.

විභාගය ආරම්භ වූ දින සිට මේ දක්වා සිසුන් දෙපිරිසක් අතර නිරන්තරයෙන් බහින්බස්වීම් ඇතිව ඇති අතර, පෙරේදා (13) දිනයේ එය ගුටි බැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් තිබෙනවා.

මෙම ගුටි බැට හුවමාරුවෙන් පසු ඊයේ (14) දිනයේ දී සිසුවෙකුගේ මවක් බලහත්කාරයෙන් විභාග මධ්‍යස්ථානයකට ඇතුළු වී එහි සිටි සිසුන් පිරිසකට පරුෂ වචනයෙන් බැන පහරදී ඇති බවයි වාර්තා වුණේ.

එහිදී කලහකාරී ලෙස හැසිරුණු අදාළ මව අත්අඩංගුවට ගෙන ඇති අතර, අනතුරුව දැඩි ලෙස අවවාද කර පොලිස් ඇප මත මුදාහැරීමටයි කටයුතු කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14