අනියම් බිරිඳ ළඟට ගන්න සැමියා විවාහක බිරිඳව ඝාතනය කරලා

සිය බිරිඳ ඝාතනය කර එම ඝාතනය වසන් කිරීමට උත්සාහ කළ සැමියෙක් අත්අඩංගුවට ගත් පුවතක් ඉන්දීය මාධ්‍ය අද වාර්තා කරනවා.

පසුගිය 19 වන දින උදෑසන, ජුන්සි පොලිස් බල ප්‍රදේශයට අයත් අසාද් නගර් ජනපදයේ පිහිටි නවාතැන්පලක නාන කාමරයක තිබී ඝාතනයට ලක්වූ කාන්තාවකගේ මළ සිරුරක් සොයාගැනීමත් සමඟ විමර්ශන සිදුකළ පොලිසිය සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඝාතනය ලක්වූ කාන්තාව සහ ඇයගේ සැමියා මහා කුම්භමේලා උත්සවය සඳහා පසුගිය 17 වනදා දිල්ලියේ ත්‍රිලෝක්පූරි හි පිහිටි නිවසින් පිටතව ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අනතුරුව මෙම යුවළ ඊට පසුදින ජුන්සි වෙත ළඟා වී තිබෙනවා.

අනතුරුව සාද් නගර් ජනපදයේ පිහිටි නවාතැන්පලක කාමරයක් වෙන්කරවාගෙන මොවූ දෙදෙනා එහි රැඳී සිට ඇති බවයි හෙළිව ඇත්තේ.

රාත්‍රිය උදාවන විට දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුව ඇති අතර, මීනාක්ෂි වන බිරිඳ නාන කාමරයට ගිය අවස්ථාවේ
අශෝක් නැමැති ඇයගේ සැමියා ඇයට පිටුපසින් පහර දී පිහියකින් ඇගේ ගෙළ කපා ඝාතනය කර ඇති බවයි විමර්ශන සිදුකරන පොලිසිය පවසන්නේ.

ඝාතනය සිදුකිරීමෙන් අනතුරුව සැමියා ලේ තැවරුණු ඇඳුම් මාරු කර ආයුධය ඒවායේ ඔතා සාක්ෂි සැඟවීමට කටයුතු කර තිබෙනවා.

පසුව සැකකාර සැමියා ඔහුගේ පුත්‍රයා අමතා පවසා ඇත්තේ ජනාකීර්ණ කුම්භමේලා උත්සවය මැද මව අතුරුදහන් වූ බවත් ඇය සොයා ගැනීමට උත්සාහකරන බවයි.

තම පියාගේ පැහැදිලි කිරීම ගැන සැක කළ පුත්‍රයා පෙබරවාරි 20 වන දින, පවුලේ අය තම මවගේ ඡායාරූපයක් ද රැගෙන මහකුම්භයට පැමිණ පොලිසියට පැමිණිල්ලක් ද සිදුකර ඇය සෙවීමට ආරම්භකර තිබෙනවා.

පැමිණිල්ලට අනුව විමර්ශන ඇරඹු පොලිසිය සාක්ෂි රැස් කිරීම දිගටම කරගෙන ගොස් තිබෙනවා.

එම විමර්ශන අතර තුර නවාතැන්පොළේ කාන්තා මළ සිරුරක් ඇති බවට ආරංචිය පොලිසියට ලැබී අතර, ඒ පිළිබඳව කළ සොයා බැලීමේ දී එම මළ සිරුර මීනාක්ෂිගේ බවටයි හඳුනාගෙන ඇත්තේ.

අනතුරුව නවාතැන්පොළේ සේවකයින්ගේ ලැබුණු තොරතුරු මත සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී ඔහු පාපොච්ච්රණය කර ඇත්තේ තම බිරිඳ ඝාතනය කිරීමට කලක සිට සැලස්මක් තම හිතේ තිබුණු බවයි.

තමන් සම්බන්ධතාවක් පවත්වන වෙනත් කාන්තාවක් විවාහකර ගැනීමේ අරමුණින්; කලක සිට මෙම ඝාතනය සැලසුම්කර බිරිඳව මෙලෙස නිවසින් දුර බැහැර ප්‍රදේශයකට කැඳවාගෙන විත් ඝාතනය කළ බව ඔහු පාපොච්ච්රණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
1
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අන්තරේ ගැන රාජිත කට අරියි..මල්වානේ නිවස ඇල්ලුවේ JVP එකේ ඉන්න කට්ටියක්ලු
01:22
Video thumbnail
ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්ගෙම කටින් පැන්න දේ..ගල් අඟුරු පාඩුවත් විදුලි බිල වැඩි වෙන්න හේතුවක්
01:07
Video thumbnail
පාඨලීගේ මගඩි සේරම එළියට ?NPP මන්ත්‍රීවරයෙක්ගෙන් ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්
07:47
Video thumbnail
ලොකු වාහන හිඟයක් ? රුපියල අවප්‍රමාණය වීමෙන් ජීවිතයට කොච්චර බලපෑමක් වෙයිද ?
08:09
Video thumbnail
වැස්සේ අස්සේ ත්‍රීවීල් එකක හටගත් හදිසි ගින්න
00:51
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික ගංජා අළු කළ හැටි
01:02
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම
00:47
Video thumbnail
සූරපප්පලා මොකක්ද මේ කරන්න යන්නේ ? ලෝකයේ 1000kmph වගේ දුම්රිය ගමන් කරනවා
04:36
Video thumbnail
අන්තරේ සෙට් එක මල්වානේ උයාගෙන කාලා සැපට ඉන්න හැටි..වීඩියෝ සේරම එළියට
02:46
Video thumbnail
ආනයනය කරන හැම වාහනයකටම 50%ක රේගු අධිභාරයක්..මනුස්සයෙක්ට දරන්න බැරි තරම් ගණන් යනවා
08:03