අනියම් ඇසුරේ සුවය ඝාතනයකින් අවසන් වෙයි

මහඔය පොලිස් වසමේ බොරපොල ප්‍රදේශයේ නිවසක් තතුළා ඊයේ (04) රාත්‍රියේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 31ක මහඔය, සමගිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඝාතනයට ලක්වූ පුද්ගලයා ඝාතනය සිදුකළ සැකකරුගේ බිරිඳ සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (04) රාත්‍රියේ ඝාතනයට ලක් වූ පුද්ගලයා අනියම් සම්බන්ධතාව පවත්වාගෙන ගිය කාන්තාව සමඟ නිවසේ සිටියදී සැකකරු විසින් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අපරාධය සිදුකළ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහඔය පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
3
+1
35
+1
3
+1
8
+1
7
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?