අන්තරේට පොලිසියෙන් සැලකූ හැටි ප්‍රජාතන්ත්‍ර විරෝධීයි – ෆොන්සේකා කියයි

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊයේ (18) සංවිධානය කර තිබූ විරෝධතාවයට පහර දී විසුරුවා හැරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා.

සිය නිල ෆේස්බුක් ගිණුමට විශේෂ සටහනක් එක්කරමින් සරත් ෆොන්සේකා මේ බව සඳහන් කළා.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කර තිබූ විරෝධතාව අතර තුර 12 දෙනෙකු ඊයේ (18) පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබූ, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ද සිටිනවා.

මේ අතර වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් කැළණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් ඊයේ (18)රාත්‍රියේ උද්ඝෝෂණයක ද නිරත වුණා.

ඔවුන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයට පැමිණ මෙලෙස උද්ඝෝෂණයේ නිරත වූ බවයි වාර්තා වන්නේ.

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සිය ෆේස්බුක් ගිණුමට එක්කළ සටහන පහතින්..

1 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
47
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?