කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ සවිකළ තිබූ විදුලි පහන් කණුවල සවිකර තිබූ විදුලි රැහැන් කපා සොරකම් කළ පුද්ගලයෙක් දෙදෙනක් ඊයේ (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රුපියල් 2,430,000ක් පමණ විටිනා විදුලි රැහැන් සොරකම් කර ඇති බවට එම මාර්ගයේ විදුලි කාර්මික නිලධාරියෙකු විසින් ඊයේ (18) දින කිරිබත්ගොඩ පොලිසියට කළ පැමිණිල්ලකට අනුවයි මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරුවන් දෙදෙනා වෙඩිකන්ද ප්‍රදේශයේ දී පොරවක් ආධාරයෙන් විදුලි රැහැන් කපමින් සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති අතර, ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී සොරා ගන්නා ලද විදුලි රැහැන් සොයාගැනීමට හැකිව තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 30ත් 43 යන වයසේ පසුවන හුණුපිටිය සහ වත්තල ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක් බවයි වාර්තා වන්නේ.
ඔවුන් දෙදෙනා අද (19) මහර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.














MEWA DAKKAMA EKA EKA KATHA LIYAYI MUNTA WASI WENA LESA, ANUKAMPA KARALA. NAMUTH MUN KUDU KARAYO, PUL HORU. CHINA WALA NORTH KOREA WALA, MIDDLE EAST COUNTRIES WALA KARANA DEYA, BOHO MUSLIM RATAWAL KARANA DEYA MEHE KALANAM MEWA GODAK ADU WENAWA. NAMUTH EYI THARAM DARUNU WENNA ONA NAHE. MULINMA SIRAGATHA KARALA PUNARUTHTHAPANAYA KARALA RASSAWAK KARANNA UGANNALA RASSSAWAK DEELA MA ELIYATA DANAWA. AYE HORAKAM KALOTH ATHAK KAPALA DANAWA. KOHOMATH SF 2009 GENAPU NATHI EKE SAPAYA (DINUWA NAKI HAMPADA MAYINA+GOTA+BASILA RESULT KIYANA EKA NATHARA KARAWALA HORA CHANDHA DALA PODI GANAKIN DINNA.) ME API WINDHINNE. MINIHA DARUNU WADHIYI. NAMUTH MEKA HADANNA EHEMA EKEK NATHUWA BAHE.