spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අධිකරණ නියෝග මත සහල් කිලෝ 10000 ආසන්න සංඛ්‍යාවක් විනාශ කෙරේ

පසුගිය දිනවල බේරුවල නගරයේ සහ අලුත්ගම දර්ගා නගරයේ ප්‍රදේශයේදී, කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ සහ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලද තොරතුරක් මත කළ වැටලීමකදීයි මෙම සහල් තොගය සොයා ගෙන තිබෙන්නේ.

පසුව රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම සහල් පරිභෝජනයට නුසුදුසු බව අනාවරණය වීමත් සමගම පැවැති නඩු විභාගයෙන් අනතුරුව, අලුත්ගම හා බේරුවල ප්‍රදේශයට මෙම සහල් තොගය රැගෙන ආ ව්‍යාපාරිකයාට රුපියල් 35,000 දඩ මුදලක් ගෙවන ලෙස කළුතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කරන ලදී .

කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ සහ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ කළුතර අතිරේක මහේස්ත්‍රාත්තුමියගේ නියෝග පරිදි බේරුවල නගර සභා භූමියේ සහල් තොගය වළදමා විනාශ කිරීම සිදු කරන ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?