අද සිට යාපනයේත් තීරු බදු නැතුව විදෙස් මත්පැන්

යාපනය පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපලේ (JIA) තීරු බදු රහිත සාප්පු සංකීර්ණයක් (Duty-Free Shop) විවෘත කර තිබෙනවා.

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් (JIA) පිටතට යන මගීන්ට පහසුකම් සැලසීමේ අරමුණිනුයි තීරුබදු රහිත පහසුකම් සහිත සාප්පුවක් මගීන් සඳහා විවෘත කර ඇත්තේ.

ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති වන මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා, මෙම අවස්ථාවට සහභාගී වී තිබෙනවා.

තීරුබදු රහිත සාප්පු සංකීර්ණය මෙහෙයවනු ලබන්නේ Ms Edison Duty-Free Pvt Ltd විසින්.

AASL සමාගම විසින් ඉදිරියේදී දී මෙරටට පැමිණෙන මගීන් සඳහා ද තීරුබදු රහිත පහසුකම් ඇති සාප්පුවක් විවෘත කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

Alliance Air දැනට සම්පූර්ණ ධාරිතාවයෙන් සතියකට ගුවන් ගමන් 4ක් යාපනයේ සිට චෙන්නායි දක්වා ක්‍රියාත්මක කරනු ලබනවා.

යාපනය සහ චෙන්නායි අතර දෛනික ගුවන් ගමන් ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට ද මේවනවිට කටයුතු කරමින් ඇති බව ද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
9
අවුල් වගේ !
1
හරි හිනා !
4
හම්මෝ !
0
මාර දුකයි !
2
මලපනිනව !
3
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?