spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අද මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ ගණන

මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 13449 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දිනයේ තවත් මරණ 20ක් වාර්තා කිරීමත් සමගයි.සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළ මෙම මරණ අතර කාන්තාවන් 9ක් සහ පිරිමි පුද්ගලයන් 11ක් වනවා.

වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ එක් කාන්තාවක් ඊයේ තහවුරු කළ මරණවලට අයත්. අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයන් 03ක් සහ කාන්තාවන් දෙදෙනෙකු වනවා.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 14ක් වාර්තා කර ඇති අතර ඒ කාන්තාවන් 6ක් සහ පිරිමි පුද්ගලයන් 8ක් වශයෙන්.

මෙරටින් මේවන විට කොරෝනා වෛරස් ආසාදිතයන් 529755ක් වාර්තාවී ඇති අතර ඉන් 24368ක් රෝහල්ගතව හෝ නිවෙස්වල ප්‍රතිකාර ලබමින් පසුවනවා.සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 491958ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?