spot_imgspot_img
spot_img

අද පස්වරුවේ සූදානමින් සිටින ලෙස කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ අවදානමක් තිබෙන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ; මෙම වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් ද ඇති බවයි.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තද වැසි ද ඇතිවීමේ ප්‍රවණතාවක් පවතිනවා.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රවේශවල තාවකාලික ව තද සුළං ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ ගංගා ආශ්‍රිත ව මෙන් ම පහත් බිම්වල වෙසෙන ජනතාවට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසට ද දැනුම්දෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?