අත – පොහොට්ටු අවුල දුරදිග යයි

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඇතිව තිබෙන දේශපාලන අර්බුදය මෙ වන විට උග්‍රවී ඇති අතර ,ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය සඳහා වෙනම තරග කිරීමට ශ්‍රීලනිපය දැන් සිටම සූදානම් වෙමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි .

පුරප්පාඩු වී ඇති ආසන සංවිධායකයන් සහ දිස්ත්‍රික් සංවිධායකයන් පත් කිරීමේ සම්මුඛ පරීක්ෂණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් දැනටමත් ආරම්භ කරනු ලැබ ඇති අතර, පක්ෂ මූලස්ථානයේ දී පසුගිය සතිය පුරා ඒ සම්බන්ධ සම්මුඛ පරීක්ෂණ පැවති බවද වාර්තා වේ .

ආණ්ඩුව තම පක්ෂය නොසලකා හරිමින් කටයුතු කරන බවට එම පක්ෂයේ බොහෝ දෙනෙකු පසුගිය කාලය පුරා චෝදනා කළ අතර, මේ හේතුවෙන් පළාත් පාලන ආයතන වල අයවැය ඡන්ද විමසීම් වල දී තමන්ට කැමති තීන්දුවක් ගන්නැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන ,ඇමැති මහින්ද අමරවීර මහතා පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට පසුගියදා දැනුම් දුන්නේය .

මේ අතර ,පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉලක්ක කර ගනිමින් ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරුන් මඩ ප්‍රහාර ගෙනයන බවට පක්ෂයේ මහ ලේකම් ඇමැති දයාසිරි ජයසේකර මහතා ගිය සතියේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ පොදුජන පෙරමුණේ ප්‍රබලයකු වන කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතර ඉකුත් දා පාර්ලිමේන්තුවේ දී ඇති ඇතිවූ මත ගැටුම පක්ෂ දෙක අතර පවතින දේශපාලන විරසකයෙ උච්චතම අවස්ථාවක් ලෙස දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19