spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අත්තනගලු ඔයේ ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත්

අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය තවත් පැය 24ක් දක්වා දීර්ඝ කර තිබෙනවා.

මේ හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළ දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල, කටාන සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පහත් බිම් ප්‍රදේශවල සුළු ගංවතුරට තත්ත්වයක් ඇතිවිය හැකියි.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙසටයි එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රදේශයේ මාර්ගවල ගමන් කරන රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

මේ පිළිබඳ අවශ්‍ය පියවර ගන්නා ලෙසට ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ආපදා කළමනාකරණ අංශවලින් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?