අඩු කළ භාණ්ඩ මිලෙහි සහනය දෙන්න සතියක් යන බව ඇමති බන්දුල කියයි

පාරිභෝගික භාණ්ඩ 27ක මිල අඩු කිරීමේදී ලාභය නොව ජනතාවට ලැබෙන සහනය පිළිබද පමණක් සලකා බැලූ බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. සහල්, තිරිගු පිටි, සීනි, කිරිපිටි ඇතුලු පාරිභෝගික භාණ්ඩ 27ක මිල ඊයේ සිට පහත දමන බව ප්‍රකාශ කෙරුණු අතර එහි මිල ගණන් වෙළඳ පොලේ පවතින මිල ගණන් වලට වඩා අඩු අගයක් ගෙන තිබුණා. එබැවින් බොහෝ පාර්ශව පැවසුවේ ආණ්ඩුව පාඩුවක් දරමින් මෙලෙස භාණ්ඩ අඩු මිලට ලබා දෙන බවයි.

වෙළඳ පොලේ සහල් මිල රුපියල් 100 ඉක්මවා ඇති අවස්ථාවක සම්බා සහල් කිලෝ එකක් රුපියල් 99කට ලබා දීමටයි මේ වන විට පියවර ගෙන ඇත්තේ. රුපියල් 130 ඉක්මවා වෙළඳපොලේ අලෙවි වන සුදු සීනි කිලෝ එකක් රුපියල් 99කටත්, රුපියල් 140 ඉක්මවා වෙළඳ පොලේ අලෙවි වන දුඹුරු සීනි කිලෝ එකක් රුපියල් 125කටත් ජනතාවට ලබා දීමට පියවර ගෙන තිබෙනවා. රුපියල් 380කට වෙළඳ පොලේ අලෙවි වන කිරිපිටි ග්‍රෑම් 400ක් රුපියල් 355කට ඊයේ සිට සතොස හා සමූපාකාරය හරහා අලෙවි කෙරෙනවා.

මීට අමතරව, තේ කොළ, රතු පරිප්පු, ලොකු ළුෑණූ, අර්තාපල්, කඩල, වියලි මිරිස්, ටින් මාලු, හාල්මැස්සන්, කුකුල් මස්, ලුණු, සොයා තෙල්, රෙදි සෝදන සබන් සහ සුවද සබන්වල මිලද ඊයේ සිට අලෙවි කරන්නේ වෙළද පොලේ පවතින මිලට වඩා සැලකිය යුතු අඩු මිලකටයි.  

එබැවින් මෙලෙස අඩු මිලට භාණ්ඩ ලබා දීමෙන් ආණ්ඩුව පාඩු නොලබන්නේ දැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගෙන් විමසීමක් කලා.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ පැවසුවේ මෙලෙස අඩු මිලට භාණ්ඩ ලබා දීම පිටුපස අර්බුද රැසක් පවතින බවයි.

කෙසේවෙතත් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන නෙත් නිවුස් කියා සිටියේ මෙම මිල ගණන් වැඩි වීමට මිස අඩු වීමට අවස්ථාවක් නොමැති බවයි. මිල වැඩි වුවහොත් ඒ පිළිබද ජනතාව දැනුවත් කරන බවද ඔහු සඳහන් කලා.

වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ මාස 3ක කාලයක් සඳහා මෙම භාණ්ඩ 27 සතොස සහ සමුපකාර හරහා මිලදීගත හැකි බවයි. මෙම භාණ්ඩ 27ම සතොස සහ සමුපකාර වෙත සම්පූර්ණයෙන්ම ලබා දීමට සතියක පමණ කාලයක් ගතවනු ඇති බව ද ප්‍රකාශ කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස ගැන මහා නාහිමියන් ආණ්ඩුවට කිව්ව දේ මෙන්න - "විරුද්ධ නෑ - සතුටු වුණා"
07:09
Video thumbnail
මහින්දගේ ලොකු පුතාටත් නඩු දාන්න කියන්නකෝ - එතකොට ඉවරයිනේ
00:45
Video thumbnail
පරිසරවේදින් හා සභාවේ සේවකයෙකු අතර උණුසුම් තත්ත්වයක් - "ගඟ බලන එකා මගේ අම්මට ###"
04:43
Video thumbnail
අජිත් ආණ්ඩුවට කට උත්තර නැති කරයි - බෝල්ට් ඇණයි තක්කාලියි වගේ - කිසි සම්බන්ධයක් නෑ
12:29
Video thumbnail
යෝෂිත සහ කරන්නාගොඩට අධිකරණයෙන් නියෝහයක්
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:17:34
Video thumbnail
159ගේම අත්වල දැන් ලේ තැවරී තියෙනවා
09:15
Video thumbnail
අනේ නාමල් දුවන්න එපා - පොඩ්ඩක් ඉන්නකෝ
10:20
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57