අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ඉදි වූ නිවාස 1000ක් ජනතා අයිතියට

ලෝක ජනාවාස දින ජාතික සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.

එක්සත් ජාතීන්ගේ ලෝක ජනාවාස දිනයට සමගාමීව “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ එහි ජාතික සැමරුම පැවැත්වුණු අතර ඒ හා සමගාමීව ඔක්තෝබර් 01 දින සිට 05 වන දින දක්වා ජනාවාස සතියක්ද ප්‍රකාශයට පත්කර විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළා.

නිවසක් ඉදිකර ගැනීමට මූල්‍ය හැකියාවක් නොමැති දිළිඳු පවුල් 4000කට ආසන්න සංඛ්‍යාවක් සඳහා නිවාස ඉදිකර දීම වෙනුවෙන්, නිවාස සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලැබ ඇති වැඩසටහන යටතේ දිවයින පුරා වැඩ නිම කළ නිවාස දහසක් ජනතා අයිතියට පවරා දීමද මෙහිදී විද්‍යුත් තාක්ෂණය ඔස්සේ ජනාධිපතිවරයා අතින් සිදු වුණා.

UN Habitat ශ්‍රී ලංකා කාර්යාලයේ මැදිහත්වීමෙන් ඉන්දියානු රජයේ සහ Coalition for Disaster Resilient Infrastructure (CDRI) ආධාර මත ක්‍රියාත්මක කිරීමට යෝජිත අඹතලේ ජල සැපයුම් ව්‍යාපෘතියේ සංකේතීය ප්‍රදානය ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් භාර දීමද මෙහිදී සිදු කෙරුණා.

විවිධ හේතුන් මත නිවාස ඔප්පු ලබා දීම ප්‍රමාද වී තිබු ප්‍රතිලාභීන් දහසකට ඔප්පු ලබාදීමේ වැඩසටහන යටතේ සංකේතාත්මකව ප්‍රතිලාභීන් 357 දෙනෙකුට නිවාස හිමිකම් ඔප්පු ප්‍රදානය, නිවසක් ඉදිකර ගැනීමට ආර්ථික හැකියාවක් නොමැති දිළිදු පවුල් දහසකට රුපියල් මිලියනය බැගින් මූල්‍ය ප්‍රදානයන් ලබාදීමේ වැඩසටහන යටතේ සංකේතාත්මකව 157 දෙනෙකුට චෙක්පත් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු වුණා.

ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් දීප ව්‍යාප්තව පැවැත්වුණු චිත්‍ර තරගයේ ජයග්‍රාහක, ජයග්‍රාහිකාවන්ට තිළිණ ප්‍රදානය සහ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කළ විවිධ වැඩසටහන්වල ජයග්‍රාහක, ජයග්‍රාහිකාවන් වෙත තිළිණ ප්‍රදානය කිරීමටද ජනාධිපතිවරයා එක් ව සිටියා.

මේ අතර ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් පාසල් දරු දැරියන්ගේ කලා කුසලතාවන් ඔප් නැංවීම වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ චිත්‍ර ප්‍රදර්ශනය සහ නිවාස සැලසුම්කරණයට අදාළ නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශන නැරඹීමටද ජනාධිපතිවරයා එක් වි තිබෙනවා.

මෙම උත්සව සභාව ඇමතූ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කළේ රටේ ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කිරීම වෙනුවෙන් වත්මන් රජය පුළුල් වැඩපිළිවෙළක් සැලසුම් කර ක්‍රියාත්මක කරමින් සිටින බවයි.

එමෙන්ම නිවස පිළිබඳ සංකල්පය සමාජය තුළ කතිකාවට බඳුන් කරමින් නිවාස සැලසුම්කරණය පිළිබඳ විධිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාව රජය හඳුනාගෙන තිබෙන බවත් සියලු ජනතාවට ආරක්ෂිත, සුවපහසු සහ ගෞරවනීය ජීවන පරිසරයක් උදාකර දීම වෙනුවෙන් රජය කැපවී සිටින බවත් අමාත්‍යවරයා පවස සිටියා.

එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරෙස්ගේ (António Guterres) ජනාවාස දින පණිවිඩය එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනේ ශ්‍රී ලංකා වැඩසටහන් කළමනාකරු හර්ෂිනී හලංගොඩ විසින් මෙහිදී ඉදිරිපත් කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54