මෙම වසරේ අගෝස්තු 01 වනදා වන විට ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 1,227 ආදායමක් උපයා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ පවසනවා.
මේ අතර ශ්‍රී ලංකා රේගුව ඉතිහාසයේ එක් මාසයක් තුළ රැස්කළ වැඩිම අදායම පසුගිය ජුලි මාසයේ උපයා ගැනීමට හැකි වූ බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.
එම අදායාම රුපියල් බුලියන 231ක් බව ඔහු මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළා.
එමෙන්ම රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මෙම වසර තුළ උපයා ගැනීමට ඉලක්ක ගත රේගු ආදායම රුපියල් බිලියන 2,115ක් බවයි.
අදායම් ඉලක්ක ගත් කළ ජූලි මාසය අවසන් වනවිට එකතු කළ යුතු ආදායමට වඩා රුපියල් බිලියන 116ක් ඉදිරියෙන් සිටින බවත් ඔහු මෙහි දී පැවසුවා.
මේ ආදායම්වලින් ප්‍රධාන වශයෙන් මෝටර් රථ ආනයනය මඟින් හිමිවන බවත් දැනට රුපියල් බිලියන 300කට වැඩි ආදායමක් උපයා ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර ආනයන සීමා ඉවත් කළ පසු මේ දක්වා මෝටර් රථ වාහන 28,000කට වැඩි සංඛ්‍යාවක් ආනයන කර ඇති බවත් ඔහු පවසා සිටියා.










