spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අග්බෝට ප්‍රථිකාර කරන්නට අරන් මාස 03 යි තරමක සුවයක්

මහවැලි එච් කලාපයේ කලාවැවෙන් පෝෂණය වන ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අස්වැද්දුම ගම්මානයේ ජීවත්වන ශාන්ත බණ්ඩාර ගොවිමහතා ඇතුළු ධාතුසේන ගොවි සංවිධානයේ ගොවී නියෝජිතයින් විසින් මෙවර යල කන්නයේ වගා කළ වී ගොයමෙන් කොටසක් කපා ඉදිරිපස වම් පාදයට දඩයක් කරුවෙකු විසින් අටවන ලද බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බරපතල තුවාල ලබා තුන්මසක් ප්‍රථිකාර ලබමින් සිටින අග්බෝ ඇතාගේ පෝෂණය සඳහා ආහාරයට ලබාදීමට ඊයේ (12) පස්වරුවේ කටයුතු කළා.

අග්බෝ හස්තියාට ආහාර පිණිස ගොයම් එක්කාසූ කිරීම ධාතුසේන ගොවි සංවිධානයේ නියෝජිතයින් මෙන්ම, එම ගම්මානයේ කාන්තා ග‌ොවි සංවිධාන නියෝජිතයින්ද කටයුතු කර ඇති අරත, එම කාන්තාවන්ද ගොයම් රැගෙන පැමිණ හස්තියා වෙත ලබා දුන්හ.අනතුරුව අග්බෝ හස්තියාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් හා අග්බෝ හස්තියාට ප්‍රථිකාර කරන හා අග්බෝ හස්තියාට ප්‍රථිකාර සිදු කරන හා දිවා රෑ දෙකෙහි අග්බෝ ලඟ අව්වැසි නොතකා, මැසි මදුරු උවදුරු වලින්ද පීඩාවිදිමින් අග්බෝගේ මුරදේවතාවුන් වන වනජීවී නිළධාරීන්ට ආශිර්වාද කරමින් ළාකරඹෑව ශ්‍රී විද්‍යාධාර මහා පිරිවෙනෙහි, පරිවේනාධිපති, කළාකරඹෑවේ ධම්මකිත්තී ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ජායනයක් සිදු කර ඔවුන්ට පිරිත් නූල් ගැටගැසීමද සිදු කරනු ලැබීය.

ඇතාට පසුගිය ජුනි මස 12 වනදා සිට ආරම්භ කල අතර, ඊයේ (12) දිනට හස්තියාට ප්‍රථිකාර කිරීමේ කටයුතු තුන්මසක් ගතවිය.අග්බෝගේ ප්‍රතිකාර කටයුතු මේ දක්වා අනුරාධපුර කලාපය භාර වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුළු කණ්ඩායම විසින් සිදු කරනු ලබන අතර අවස්ථා කීපයක දී විශේෂ පශු වෛද්‍ය කණ්ඩායම් කීපයක් ද ඊට සහාය දැක්විය.තිරප්පනය බීට්ටු වනජීවි කාර්යාලයේ නිලධාරීන් සහ එම කාර්යාලයට අනුයුක්ත බහුකාර්ය නිළධාරීන්ගේද පූර්ණ කැපවීම මත අග්බෝ ඇතා මේ වන විට තරමක් සුවය ලබා ඇති බවද දැක ගත හැකි විය.

මෙම කටයුත්ත සම්බන්ධයෙන් අදහස් දැක්වූ කළාකරඹෑව ශ්‍රී විද්‍යාධාර මහා පිරිවෙනෙහි, පරිවේනාධිපති, කළාකරඹෑවේ ධම්මකිත්තී ස්වාමීන් වහන්සේ,

අපි අද තිරප්පනය වන්නම්මඩුව වැව් පිටියට පැමිණියේ, අග්බෝ හස්තියාට අවශ්‍යය කරන ආහාර අරගෙන, අපි මේ පැමිණියේ තුන්වැනි අවස්ථාව, පළමුවැනි අවස්ථාවේ අපි, සුවදැල් වී ගෙනැවිත් හස්තියාට ලබා දුන්නා, අද දවසේත් 506 අස්වැද්දුම තුලානේ ධාතුසේන ගොවි සංවිධානයේ නිළධාරීන් හා ගොවියන් කැටුවයි අපි මේ අවස්ථාවට සහභාගී වෙන්නේ, මේ අවස්ථාවට අපේ කෘෂිකර්ම පර්යේෂණ නිළධාරීතුමියත්, ග්‍රාම නිළධාරීතුමියත් සහභාගී වෙනවා, අපේ ගම්මානයේ සියලුම ගොවීන් කැමති වුණාා මේ හස්තිරාජයාට ආහාර සඳහා ගොයම් තමන්ගේ කුඹුරු වලින් කපා දීමට, ඒ අනුව දින 03 ක් මේ හස්තියා වෙනුවෙන් ගොයම් කපා ගෙන හස්තියාට ගෙනැවිත් දීලා, හස්තියාගේ කුස පිරවීමට, මේක ලොකු පිංකමක්, බොහෝම සද්ධාවෙන් තමයි අපේ දායක පිංවතුන් මේ පිංකම සිද්ධ කරන්නේ, ඉදිරියටත් මේ විදිහට මේ පිංකම සිදු කරන්න බලාපොරොත්තු වෙනවා, විශේෂයෙන්ම මේ හස්තිරාජයාගේ ජීවිතය ආරක්ෂා කර ගන්නටයි අපිට වුවමනා කරලා තියෙන්නේ.

ඒ සඳහා වනජීවී නිළධාරීන්ද විශාල පරිශ්‍රමයක් දරනවා, මේ අග්බෝ හස්තියාගේ ජීවිතය ආරක්ෂා කර ගන්න,ඒ හස්තියා යන එන හැම තැනකටම යමින්, ඒ හස්තියාගේ ජීවිතය ආරක්ෂා කර ගන්න අවශ්‍යය කරන ප්‍රථිකාර ලබා දීමට කටයුතු කරනවා.මේ සඳහා අස්වැද්දුම, කළාකරඹෑව ධාතුසේන ගොවි සංවිධානයේ ගොවි මහත්වරුන් විශේෂ සැලකිල්ලක් හා උනන්දුවක් දක්වනවා, මේ හස්තියා ආරක්ෂා කර ගන්න, මේ හස්තියාව සුවපත් කරගන්න, මේ වෙලාවේදී අපි හැමෝම අපේ හස්තිරාජයාට ආශිර්වාද කරනවා, තුරුණවන්ගේ ආශිර්වාදය, දෙවියන්ගේ ආශිර්වාදයෙන් රැකවරණයෙන් මේ රෝගී ස්වභාවය ඉක්මනින් සුවපත් වෙලා, මේ සත්වයාට තමන්ගේ වනාන්තරයේ සැරිසරමින්, අනෙක් හස්තීන් සමඟ වාසය කරන්න ශක්තිය සැලසේවා, ධාතුසේන ගොවි සංවිධානයේ නිළදාරීන් (12) දවසේ ගොවියන් හම්බෙලා, කුඹුරු වලට ගිහින් ගොවීන්ගේ ගොයම් කපාගෙන, අග්බෝට ලබා දුන්නා.මේ ගොයම් ටික ලබා දෙන්න කටයුතු කළ සියලු ගොවි මහත්වරුන්ටත්,දිවා රාත්‍රී දෙකෙහි මේ සත්වයා ආරක්ෂා කර ගන්නට වෙහෙස, මහන්සි වෙන වනජීවී දෙපාර්තමේන්තුවේ නිළධාරීන් හැම දෙනාටමත්, නිදුක්, නීරෝගී බව චිර ජීවනය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා යැයි පැවසූහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?