අඛණ්ඩ ආර්ථික අරගලයක සිටින චීනය

මෑතකදී රටේ 75 වන ආරම්භක දිනය සමරද්දී පවා, රටේ වත්මන් තත්ත්වය චීන කොමියුනිස්ට් පක්ෂය විසින් නිරූපණය කරන දෙයට වඩා බොහෝ සෙයින් වෙනස් වන අතර රට ආර්ථික ප්‍රගතියක් ලබා ගැනීම සඳහා අඛණ්ඩව අරගල කරමින් සිටින බව CNN වාර්තා කරනවා.

රැකියා වෙළෙඳපොළේ අරගල කරන රටේ තරුණයින්, වැටුප් කප්පාදුවෙන් හා රැකියා අහිමි වීම් නිසා පීඩා විඳින සුදු කරපටි සේවකයින්, ව්‍යාපාර පවත්වාගෙන යාමට අරගල කරන ව්‍යවසායකයින්, කඩා වැටෙන නිවාස මිලෙන් ධනය කප්පාදු කරන මධ්‍යම පන්තික පවුල් ඇතුළු ගැටළු කිහිපයකට චීනය දැනට මුහුණ දී සිටිනවා.

පසුගිය සතියේ, මාස ගණනක දරුණු ආර්ථික දත්ත දැකීමෙන් පසු, චීන ජනාධිපති ෂී ජින්පින්, චීන ආර්ථිකය කෙරෙහි විශ්වාසය එක්රැස් කිරීමේ පියවරක් ලෙස උත්තේජක පැකේජයකට අනුමැතිය ලබා දුන්නා.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, රටේ මහ බැංකුව පහත වැටෙන මිල ගණන්වලට එරෙහිව එහි ක්‍රියාමාර්ග එළිදක්වනු ලැබුවා.

වැඩි මුදලක් ණයට දීමට වාණිජ බැංකු නිදහස් කිරීම, කුටුම්භ සහ සමාගම් සඳහා ණය ලබා ගැනීම ලාභදායී කිරීම එයට ඇතුළත්.

ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙකු වන ෂු ටියැන්චෙන් පවසන්නේ, “දුර්ලභ, එකවර ක්‍රියාමාර්ග රැසක් දියත් කිරීම ප්‍රතිපත්ති සම්පාදකයින්ට ආර්ථිකයට මුක්කු ගැසීමට ඇති හදිසි අවශ්‍යතාව අවධාරණය කරන බවයි.

මීට අමතරව, ආර්ථික විද්‍යාඥයින් පවසන්නේ චීනයේ ආර්ථික පසුබෑම ආපසු හැරවීම සඳහා තවත් බොහෝ වැඩ අවශ්‍ය වනු ඇති බවයි “කොටස් වෙලඳපොල උත්තේජනය කිරීම චීනයේ සැබෑ ආර්ථිකයට බොහෝ දේ නොකරයි. අනෙකුත් ප්‍රධාන වෙළෙඳපොළවල් හා සසඳන විට කොටස් වෙළඳපොළේ ආයෝජනය කරන්නේ ඉතා සුළු පිරිසක්” යනුවෙන් රෝඩියම් සමූහයේ චීන වෙළඳපල පර්යේෂණ අධ්‍යක්ෂ ලෝගන් රයිට් පැවසුවා.

අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 18ක් ලෙස ඇස්තමේන්තු කර ඇති නිවාස වෙළෙඳපොළේ පහත වැටීම හේතුවෙන් චීන කුටුම්භයන් ධනයෙන් විශාල අලාභයක් අත්විඳ ඇති බව මේ මස මුලදී පර්යේෂණ සටහනක බ්‍රිතාන්‍ය බහුජාතික බැංකුවක් වන බාර්ක්ලේ හි ආර්ථික විද්‍යාඥයින් උපුටා දක්වමින් CNN වාර්තා කර තිබුණා.

“එය හරියට චීනයේ සෑම තිදෙනෙකුගෙන් යුත් නිවසකටම ඩොලර් 60,000ක් පමණ අහිමි වූවාක් මෙනි, එය චීනයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය මෙන් පස් ගුණයකට ආසන්න මුදලක්”.

චීනයේ දශක ගණනාවක් තිස්සේ ආයෝඡනය මත පදනම් වූ වර්ධනය “අවසානයකට” ළඟා වී ඇති අතර, ආදායම් යළි බෙදාහැරීම වැනි එහි මූල්‍ය පද්ධතියේ මූලික ප්‍රතිසංස්කරණයන් ඇතුළුව – වඩාත් තිරසාර පරිභෝජන මූලික වර්ධන ආකෘතියක් කරා ආර්ථිකය නැවත තුලනය කිරීම අවශ්‍යව ඇතැයි ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15