අකුණු සැර වැදීමෙන් තරුණයන් දෙදෙනකු ජීවිතක්ෂයට

බුත්තල ගෝනගංආර වගුරුවෙල ප්‍රදේශයේ කුඹුරු ඉඩමකදී අකුණු සැර වැදීමෙන් තරුණයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

අද පස්වරුවේ කුඹුරේ වගා කටයුතුවල නිරත වෙමින් සිටියදී ඔවුන්ට අකුණු සැර වැදී ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ වගුරුවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31 සහ 32 යන වයස් වල පසුවන තරුණයන් දෙදෙනෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් ගෝනගංආර පොලිසිය නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනවා.