AFC Banner
Empty Ad
Empty Ad

සැමියා, නාගයෙකු ලවා බිරිඳ සහ අවුරුදු දෙකේ දියණියව ඝාතනය කරලා

නාගයෙකු දෂ්ට කිරීමට සලස්වා සිය බිරිඳ සහ අවුරුදු දෙකක දියණිය ඝාතනය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඔඩිෂා ප්‍රාන්තයේ ගන්ජාම් ප්‍රදේශයේ 25 හැවිරිදි පුද්ගලයෙක් ඊයේ දින මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි එම මාධ්‍ය වාර්තාවල සඳහන් වුණේ.

සැකකාර සැමියා පසුගිය ඔක්තොම්බර් 06 වනදා ප්ලාස්ටික් භාජනයක දමාගෙන නාගයෙකු රැගෙනවිත් ඔහුගේ බිරිඳ සහ දියණිය නිදා සිටි කාමරයට මුදාහැර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව ඔහු නිවසේ වෙනත් කාමරයක නිදාගෙන ඇති අතර, බිරිඳ සහ දියණිය නාගයා දෂ්ට කිරීට ලක්ව මියගොස් සිටිය දී පසුදින උදෑසන සොයාගෙන තිබෙනවා.

පොලිසිය විසින් මෙම මරණයන් ස්වභාවික මරණයන් ලෙස සලකා පරීක්ෂණ අවසන්කර තිබිය දී මියගිය බිරිඳගේ පියා විසින් මෙය ඝාතනයක් බවට සැකයක් පවතින බව පවසමින් පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

අනතුරුව මේ සම්බන්ධයෙන් සැකකාර සැමියාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී මෙම ඝාතනයන් සම්බන්ධයෙන් පාපොච්චාරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

දෙදෙනා අතර ඇති වූ ආරවුලක් මත මෙම අපරාධය සිදුකරන්නට තමන් පෙළඹුණු බවට සැකකරු පොලිසිය හමුවේ වැඩිදුරටත් පවසා ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
2
+1
2
+1
20
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගාල්ලෙන් මාලිමාවට වැඩ්ඩෝ 12ක් - කරන්න යන අලුත් පෙරළිය එළියට #npp #akd #anurakumaradissanayake
02:58
Video thumbnail
කොළොන්නාවම වසාගත් ජල රකුසා - නිවාස රැසක් ජලයෙන් යට වෙයි #climate #badweather
01:26
Video thumbnail
ඉතා කෙටි කාලයක් තුළ ජාතික ජන බලවේගයේ පිරිහීම පේනවා #sjb #akd #anurakumaradissanayake
02:22
Video thumbnail
වඩිවෙල්ට - තොණ්ඩමන්ට - දිගම්බරන්ට මාලිමාවෙන් ඇන්න ටොක්ක - මාලිමා ප්‍රබලයෙක් වතුකරයට රිංගයි
01:27
Video thumbnail
ලක් අම්මට වෙච්ච නස්පැත්තිය ගැන සජබ ප්‍රබලයෙක් කටඅරී #sajithpremadasa
03:06
Video thumbnail
Breaking News🛑ඉන්දියාවේ තවත් බිහිසුණු දුම්රිය අනතුරක් #india #globalnews #breakingnews
01:07
Video thumbnail
වැඩ්ඩො දෙන්නෙක් සුද්දියොත් පුදුම වෙලා #shorts #viralvideo #trendingshorts #1miillionaudition
00:16
Video thumbnail
ජනමතය විකෘති තත්ත්වයක තියෙන්නේ - රටට හදන වැඩපිළිවෙල තියෙන්නේ අපි ගාව විතරයි #sjb
02:25
Video thumbnail
නිවැරදි කෙනෙක් බොරුවට සැක කළාම ප්‍රශ්න ගොඩක් මතුවෙන් පුළුවන්
08:25
Video thumbnail
ඇරෙස්ට් කරන්න මාව.. අශේන් දාපු සද්දේ
01:14

?