සැමියා, නාගයෙකු ලවා බිරිඳ සහ අවුරුදු දෙකේ දියණියව ඝාතනය කරලා

නාගයෙකු දෂ්ට කිරීමට සලස්වා සිය බිරිඳ සහ අවුරුදු දෙකක දියණිය ඝාතනය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඔඩිෂා ප්‍රාන්තයේ ගන්ජාම් ප්‍රදේශයේ 25 හැවිරිදි පුද්ගලයෙක් ඊයේ දින මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි එම මාධ්‍ය වාර්තාවල සඳහන් වුණේ.

සැකකාර සැමියා පසුගිය ඔක්තොම්බර් 06 වනදා ප්ලාස්ටික් භාජනයක දමාගෙන නාගයෙකු රැගෙනවිත් ඔහුගේ බිරිඳ සහ දියණිය නිදා සිටි කාමරයට මුදාහැර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව ඔහු නිවසේ වෙනත් කාමරයක නිදාගෙන ඇති අතර, බිරිඳ සහ දියණිය නාගයා දෂ්ට කිරීට ලක්ව මියගොස් සිටිය දී පසුදින උදෑසන සොයාගෙන තිබෙනවා.

පොලිසිය විසින් මෙම මරණයන් ස්වභාවික මරණයන් ලෙස සලකා පරීක්ෂණ අවසන්කර තිබිය දී මියගිය බිරිඳගේ පියා විසින් මෙය ඝාතනයක් බවට සැකයක් පවතින බව පවසමින් පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

අනතුරුව මේ සම්බන්ධයෙන් සැකකාර සැමියාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී මෙම ඝාතනයන් සම්බන්ධයෙන් පාපොච්චාරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

දෙදෙනා අතර ඇති වූ ආරවුලක් මත මෙම අපරාධය සිදුකරන්නට තමන් පෙළඹුණු බවට සැකකරු පොලිසිය හමුවේ වැඩිදුරටත් පවසා ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23