මාමණ්ඩියගේ පහරදීමෙන් බෑනා ජීවිතක්ෂයට

මාමණ්ඩිය සිදුකළ පහරදීමකින් බෑනා ජීවිතක්ෂයට පත් වූ පුවතක් බලංගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

බලංගොඩ, දහමාන ප්‍රදේශයේ දී ඊයේ (11) රාත්‍රියේ මෙම අපරාධය සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පවුල් ආරවුලක් හේතුවෙන් මෙම පුද්ගලයා සිය බිරිඳට පහරදීමට යාමේ දී ඇයගේ පියා විසින් ඔහුට කොසු මිටකින් සහ මෝල් ගසකින් පහර දී තිබෙනවා.

එම පහරදීමෙන් අදාළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 44ක පුද්ගලයෙක්.

කෝටිපති ව්‍යාපාරිකයෙක් වන මෙම පුද්ගලයා දරුවා තිදෙනෙකුගේ පියෙක්.

අපරාධය සම්බන්ධයෙන් මරණකරුගේ බිරිඳගේ පියා අත්අඩංගුවට ගෙන ති අතර, ඔහු වයස අවුරුදු 65ක රත්මලවින්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය පිළිබඳව බලංගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32