පදවිය වැලිඔය නවමොනරවැව, ආරණ්‍යයක් අසල නිධන් හෑරු පොලිස් සැරයන් වරයෙකු ඇතුළු 7 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (28) අලුයම අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් සතුව තිබී යතුරුපැදියක්,නිධන් හෑරීම සඳහා යොදාගත් උපකරණ කිහිපයක්ද පොලිසිය භාරයට ගැනුණා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටින පොලිස් සැරයන් වරයා පෑලියගොඩ පොලිස් මූලස්ථාන ගබඩාවේ සේවයට අනියුක්තව රාජකාරී කරමින් සිටින අයෙක්.
සැකකරුවන් අතර නිධානය හැරීම සිදුකරන ලද ඉඩමේ අයිතිරුද සිටින අතර සෙසු සැකකරුවන් ගම්පහ,වේයන්ගොඩ හා මීරිගම පදිංචි කරුවන්.
ඔවුන් කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1