අලුත්කඩේ වැඩ කළ කාර්යාල සහායකයෙකු හෙරොයින් කේස් එකකට අල්ලයි

කොලොන්නාව ප්‍රදේශයේ නිවසක නවාතැන් ගෙන සිටිය දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ට අධික ප්‍රමාණයක් සමග වැල්ලම්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් කොළඹ අලුත්කඩේ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයක සේවයෙහි නියුතු කාර්යාල කාර්ය සහායකයෙකු මෙම මස 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (15) නියෝග කළා.

කහවත්ත – පනාවත්ත ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදියේ පුද්ගලයකු එසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි කටයුතු කෙරුණේ.

සැකකාර පුද්ගලයා සිය නවාතැනේ සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවට එහි නවාතැන් ගෙන සිටි වෙනත් පුද්ගලයකු වැල්ලම්පිටිය පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව සිදුකළ හදිසි සෝදිසියකින් අනතුරුව අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් හා මිලිග්‍රෑම් 800 ක් සමග ඉකුත් 11 දින සැකකරු අත්අඩංගුවට ගත් බව ද පොලිසිය අධිකරණයට දැනුම්දුන්නා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා අධිකරණ නියෝග මත රඳවා තබාගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලට අනුව බොරැල්ල ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍යය ලබාගෙන ඔහු පදිංචි රත්නපුර ප්‍රදේශයේ පුද්ගලයන්ට එම මත්ද්‍රව්‍ය මුදලට අලෙවි කර ඇති බවට කරුණු අනාවරණය වූ බව ද පොලිසිය අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි වුණා.

කොලොන්නාව – විජය පාර ප්‍රදේශයේ පිහිටි නවාතැන්පලක සිට ඔහු මෙම ජාවාරම කලක් තිස්සේ සිදුකර ඇතිි බවට තොරතුරු හෙළි වූ බව ද පොලිසිය අධිකරණය හමුවේ පැවසුවා.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බැවින් සැකකාර පුද්ගලයාට ඇප ලබා නොදෙන ලෙසට වැල්ලම්පිටිය පොලිසිය දැක්වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරුව මෙම මස 24 දින දක්වා එසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32
Video thumbnail
ප්‍රභූ ආරක්ෂාව ගැන ඇමති නලින්දගෙන් හෙළිදරව්වක් - සමහර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තියෙනවා
02:09
Video thumbnail
ගේ ඇතුලේ ඇඳ යට නිධන් හාරලා - බලද්දී ඇතුලේ තිබ්බ දේ..
02:14
Video thumbnail
බිත්තර, මස් මිල ඉහළ යයිද ?බඩ ඉරිඟු නැතිවුණොත් සත්ත්ව ආහාර නිෂ්පාදනය නවතිනවා
11:33
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:31
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52