පකිස්ථානයට ලකුණු 33 ක ජයක්

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අද (03) පැවති පකිස්ථාන-දකුණු අප්‍රිකාව අතර තරගය ජය ගන්නට පකිස්ථාන කණ්ඩායම සමත් වුණා.

පකිස්ථාන කණ්ඩායම මෙම තරගය ජය ගත්තේ ලකුණු 33 කිනි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පකිස්ථාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 ක් දැවී ලකුණු 185ක් රැස් කළා.

වර්ෂාව හේතුවෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 14 කදී ලකුණු 142 ක ඉලක්කයක් දකුණු අප්‍රිකානු කණ්ඩායමට හිමිවිය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින්ට නියමිත පන්දුවාර 14 අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 108 ක් පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?