දියණියගේ හිතුවක්කාර විවාහය නිසා පියා සියදිවි නසාගෙන

පවුලේ කැමැත්තට එරෙහිව විවාහ වූ දියණියක් හේතුවෙන් සියදිවි නසාගත් පියෙක් පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ග්වාලියර් ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි ඖෂධ වෙළඳසැල් හිමියෙක් මෙලෙස සියදිවි නසාගෙන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

රිෂිරාජ් නොහොත් සංජු ජයිස්වාල් නැමති මෙම පුද්ගලයා ඔහුගේ නිදන කාමරය තුළ දී වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

රිෂිරාජ්ගේ දියණිය මීට දින 15 කට පමණ පෙර අසල්වැසි තරුණයෙකු සමඟ නිවසින් පිටව ගොස් ඇති අතර, පසුව ඇය ඉන්දෝර් වෙත සොයාගෙන ආපසු නිවසට කැඳවාගෙන ඒමට ඔහු කටයුතු කර ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

පසුව පැවති අධිකරණ විභාගයකදී, දියණිය පවසා ඇත්තේ, තමන් නීත්‍යානුකූලව විවාහ වී ඇති බවත් තමන්ගේ සැමියා සමඟ යාමට තීරණය කර ඇති බවයි.

දියණියගේ එම තීරණයත් සමඟ දින ගණනාවක් කම්පාවෙන් සිටි රිෂිරාජ් පසුගිය බදාදා මෙලෙස සියදිවි නසාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සියදිවි නසා ගැනීමට පෙර ඔහු සටහනක් ලියා තබමින් පවසා ඇත්තේ “හර්ෂිතා, ඔයා වැරදි කළා, මම යනවා. මට ඔයාලා දෙන්නවම මරන්න තිබුණා, නමුත් මම කොහොමද මගේ දුවව මරන්නේ” යනුවෙන්.

“දුව, ඔයා කළ දේ හරි නැහැ… ඒ වගේම මුදලකට මුළු පවුලක්ම පූජා කරන නීතිඥවරයා, ඔහුටත් දියණියන් නැද්ද? පියෙකුගේ වේදනාව ඔහුට තේරෙන්නේ නැද්ද? මුළු පවුලක්ම විනාශ වී ඇති, දැන් කිසිවක් ඉතිරිව නැහැ.”

සටහනේ, ඔහු නීතිමය ක්‍රියාවලිය තවදුරටත් ප්‍රශ්න කරමින් මෙසේ පවසා ඇති බව සඳහන්, “මම නැවතත් කියනවා, ආර්ය සමාජ් යටතේ විවාහයක් වලංගු නොවේ නම්, අධිකරණය ගැහැණු ළමයාට ඔහු (ඇගේ සහකරු) සමඟ යාමට ඉඩ දෙන්නේ කෙසේද? මෙය අපේ මුළු පවුලම විනාශ කර ඇත. මගේ වේදනාව කිසිවෙකුට තේරුණේ නෑ.”

මේ අතර රිෂිරාජ් සියදිවි නසාගැනීමෙන් පසු ඔහුගේ දියණිය විවාහ කරගත් තරුණයාගේ පියාට රිෂිරාජ්ගේ ඥාතීන් පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

සාක්ෂිකරුවන් පවසන්නේ ඔහුව ඔහුගේ නිවසින් පිටතට ඇදගෙන ගොස් සිහිසුන් වන තෙක් පහර දුන් බවයි.

අවට සිටි අය මැදිහත් වී තුවාල ලැබූ පුද්ගලයා අසල රෝහලකට ඇතුළත්කර ඇති අතර, මෙම පහරදීම සහ රිෂිරාජ් සියදිවි නසාගැනීම පිළිබඳව විමර්ශන පොලිසිය විසින් සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48