හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවය මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේදී

මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ හිස තෙල් ගෑමේ නැකත අප්‍රේල් මස 16 වන බදාදා පූර්ව භාග 09.04ට යෙදී තිබෙනවා.

තෙල් ගෑමේ නැකතට සමගාමීව පැවැත්වෙන මෙවර හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ, අනුව මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ නාථ දේවාල භූමියේදී හිස තෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්