පුද්ගලික ආයතනයකට වයිෆයි (WI-FI) ඇන්ටනා ලබාදෙන බවට පවසා පොරොන්දු වූ පරිදි භාණ්ඩ ලබානොදී රුපියල් තුන්කෝටි හැටනව ලක්ෂ අසූනවදාස් හයසිය අසූහතරක මුදලක් වංචා කිරීම සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ලැබුණු පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනවලින් අනතුරුවයි ඊයේ (24) මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අවුරුදු 34 හා 37 යන වයස්වල පසුවන මට්ටක්කුලිය සහ වත්තල ප්‍රදේශවල පදිංචිකරුවන්.
මෙම සැකකරුවන් ඊයේ (24) දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
2
+1
+1
+1
+1





