V8 වර්ගයේ සුජීවගේ ජීප් රිය ගැන අධිකරණයෙන් නියෝගයක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් හිටපු පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාගේ ප්‍රශ්නගත V8 වර්ගයේ මෝටර් රථය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබා ගන්නා ලෙස කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝග කළා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ මෝටර් රථය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවල වාර්තා සහ අදාළ රථය අද (12) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට මොසමක් මගින් ඉදිරිපත් කළ අවස්ථාවේ දී යි.

පසුගිය දිනෙක හිටපු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අයත් ටොයොටා ලෑන්ඩ් කෘෘසර් V8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථය නීතිවිරෝධීව එකලස් කළ එකක් බවට වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව ඔහුගේ නිවස පරීක්ෂා කිරීමටද කටයුතු කර තිබෙනවා.

පසුව සේනසිංහ මහතාගේ නිවසේ සේවකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා සිදුකළ ප්‍රශ්න කිරීමේදී, සේනසිංහ මහතාගේ කොල්ලුපිටිය නිවසේ සුඛෝපභෝගී රථයක් ඇතැයි හෙළිවූ බව විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියා.

පසුව එම නිවසේ සැකකටයුතු රථය ඇතැයි තහවුරු කර ගැනීමෙන් පසුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු සමග එම නිවසට ගොස් රථය පරීක්ෂා කළ බව විමර්ශන නිලධාරීන් පවසා තිබෙනවා.

එම ජීප් රථය 2010 දී මෙරටට ගෙන්වා 2022 වසරේ දී ලියාපදිංචි කර ඇති බවත් විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ හෙළි කර තිබුණා.

අදාළ රථය එකලස් නොකර ලද වාහනයක් බවත්, එය ඉතා වටිනාකමක් ඇති වාහනයක් වන බැවින් එය මුදා හරින ලෙස ද සුජිව සේනසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියා.

නමුත් මහේස්ත්‍රාත්වරිය නියෝග ක⁣ළේ රස පරික්ෂණ වාර්තා ලැබෙන තුරු එම රථය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබා ගන්නා ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38