V8 වර්ගයේ සුජීවගේ ජීප් රිය ගැන අධිකරණයෙන් නියෝගයක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් හිටපු පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාගේ ප්‍රශ්නගත V8 වර්ගයේ මෝටර් රථය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබා ගන්නා ලෙස කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝග කළා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ මෝටර් රථය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවල වාර්තා සහ අදාළ රථය අද (12) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට මොසමක් මගින් ඉදිරිපත් කළ අවස්ථාවේ දී යි.

පසුගිය දිනෙක හිටපු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අයත් ටොයොටා ලෑන්ඩ් කෘෘසර් V8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථය නීතිවිරෝධීව එකලස් කළ එකක් බවට වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව ඔහුගේ නිවස පරීක්ෂා කිරීමටද කටයුතු කර තිබෙනවා.

පසුව සේනසිංහ මහතාගේ නිවසේ සේවකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා සිදුකළ ප්‍රශ්න කිරීමේදී, සේනසිංහ මහතාගේ කොල්ලුපිටිය නිවසේ සුඛෝපභෝගී රථයක් ඇතැයි හෙළිවූ බව විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියා.

පසුව එම නිවසේ සැකකටයුතු රථය ඇතැයි තහවුරු කර ගැනීමෙන් පසුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු සමග එම නිවසට ගොස් රථය පරීක්ෂා කළ බව විමර්ශන නිලධාරීන් පවසා තිබෙනවා.

එම ජීප් රථය 2010 දී මෙරටට ගෙන්වා 2022 වසරේ දී ලියාපදිංචි කර ඇති බවත් විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ හෙළි කර තිබුණා.

අදාළ රථය එකලස් නොකර ලද වාහනයක් බවත්, එය ඉතා වටිනාකමක් ඇති වාහනයක් වන බැවින් එය මුදා හරින ලෙස ද සුජිව සේනසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියා.

නමුත් මහේස්ත්‍රාත්වරිය නියෝග ක⁣ළේ රස පරික්ෂණ වාර්තා ලැබෙන තුරු එම රථය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබා ගන්නා ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?