‘USS Anchorage’ නෞකාව කොළඹ වරායට

ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘USS Anchorage’ (LPD – 23) යුද නෞකාව, සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ නාවික අභ්‍යාසය – 2023 (Cooperation Afloat Readiness and Training Exercise – CARAT–2023) සඳහා සහභාගීවීමට අද දින උදෑසන කොළඹ වරායට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කළා.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ San Antonio – Class amphibious transport dock වර්ගයේ යුද නෞකාවක් වන ‘USS Anchorage’ (LPD – 23) යුද නෞකාව, දිගින් මීටර් 208ක් හා නැව් මුළුව 477ක ගෙන් සමත්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කපිතාන් කීලර්, ඩී.ජේ (Captain KEELER, D.J) කටයුතු කරනවා.

‘USS Anchorage’ නෞකාවේ අණදෙන නිලධාරී සහ බටහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා අතර නිල හමුවක් අද බටහිර නාවික විධාන මුලස්ථානයේ දී සිදු කිරීමට නියමිත ඇති අතර, CARAT–2023 අභ්‍යාසයේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීමෙන් අනතුරුව එම නෞකාව ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු සහ සමුදුර නෞකාවන් සමඟ CARAT–2023 නාවික අභ්‍යාසයේ මුහුදු අධියර සඳහා සහභාගී වීමට නියමිතයි.

‘USS Anchorage’ නෞකාව CARAT–2023 නාවික අභ්‍යාසය සඳහා සහභාගී වීමෙන් අනතුරුව, ලබන 27 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?