‘USS Anchorage’ නෞකාව කොළඹ වරායට

ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘USS Anchorage’ (LPD – 23) යුද නෞකාව, සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ නාවික අභ්‍යාසය – 2023 (Cooperation Afloat Readiness and Training Exercise – CARAT–2023) සඳහා සහභාගීවීමට අද දින උදෑසන කොළඹ වරායට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කළා.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ San Antonio – Class amphibious transport dock වර්ගයේ යුද නෞකාවක් වන ‘USS Anchorage’ (LPD – 23) යුද නෞකාව, දිගින් මීටර් 208ක් හා නැව් මුළුව 477ක ගෙන් සමත්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කපිතාන් කීලර්, ඩී.ජේ (Captain KEELER, D.J) කටයුතු කරනවා.

‘USS Anchorage’ නෞකාවේ අණදෙන නිලධාරී සහ බටහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා අතර නිල හමුවක් අද බටහිර නාවික විධාන මුලස්ථානයේ දී සිදු කිරීමට නියමිත ඇති අතර, CARAT–2023 අභ්‍යාසයේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීමෙන් අනතුරුව එම නෞකාව ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු සහ සමුදුර නෞකාවන් සමඟ CARAT–2023 නාවික අභ්‍යාසයේ මුහුදු අධියර සඳහා සහභාගී වීමට නියමිතයි.

‘USS Anchorage’ නෞකාව CARAT–2023 නාවික අභ්‍යාසය සඳහා සහභාගී වීමෙන් අනතුරුව, ලබන 27 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

  1. EKA PATHTHAKIN DURA DIGA NOBALANA HAMUDURUWARU KIYAGANNA PIRISAK POOJANEEYA DALAI LAMA THUMA TA MEHETA WADINNA KIYANAWA. THAWA PATHTHAKIN AMERICAN THANAPATHI CHINA WALATA DARUNU WAG PRAHARA KARANAWA. DAN USA WAR SHIP EKAK AWITH. BALAGENA HITAHALLA CHINA NAYA PRATHIWYUHAGATHA KARANNA KEMATHTHA DENAKAM. DUNNOTH ITHIN BASNAHIREN IRA PAYAYI. MODA GON RELA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14