ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයින් සඳහා QR කේතය මඟින් ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ඒකාබද්ධ ගෙවුම් අතුරු මුහුණත (UPI) හරහා ගෙවීම් කටයුතු සිදු කිරීමේ ක්‍රමය හඳුන්වාදීම අද (12) මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදුකෙරුණා.
NPCI International Payments Limited සහ ශ්‍රී ලංකාවේ LankaPay පුද්ගලික සමාගම ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබනවා.
මෙම වැඩසටහන වේගයෙන් ව්‍යාප්ත කිරීම ඉලක්ක කර ගනිමින් වෙළඳසැල් 10,000ක මෙම ගෙවීම් ක්‍රමය ක්‍රියාවට නැංවීම මේ හා සමගාමීව සිදුකෙරුණා.
මෙම පහසුකම තවදුරටත් පුළුල් කරමින්, 2024 මාර්තු මාසය වන විට මෙම වෙළඳසැල් සංඛ්‍යාව 65,000ක් දක්වා ඉහළ නැංවීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
2
+1
+1
+1
+1




