තුන්වැනි චාල්ස් රජු සිය රාජාභිෂේකය වෙනුවෙන් මිට සුළු මොහොතකට පෙර ලන්ඩන් නුවර වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයට සම්ප්‍රාප්ත වුණා.
බකිංහම් මාලිගයේ සිට සිය බිරිඳ වන කැමිලා කුමරිය සමඟ තුන්වැනි චාල්ස් රජු අශ්වාරෝහකයින්ගෙන් සමන්විත විශේෂ පෙරහැරකින් මෙලෙස කැඳවාගෙන එනු ලැබුවා.
රජු වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයට සම්ප්‍රාප්තවීමට පෙර මෙම විශේෂිත උත්සවය සඳහා ඇරයුම් ලබා සිටි රජ පවුලේ සාමාජිකයින් සහ දෙස් විදෙස් ආරාධිතයින් සියලුම දෙනා එම ස්ථානයට පැමිණ සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
රාජාභිෂේකතත්වයට පත්වන තම රජුට සුබ පැතීම සඳහා අති විශාල බ්‍රිතාන්‍ය ජාතිකයින් සහ විදෙස් සංචාරකයින් රැසක් රජු පැමිණි ගමන් මඟ දෙපස රැස්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර තිබුණේ.
තව සුළු වේලාවකින් රජු රාජාභිෂේක ගන්වන එම රාජකීය උත්සවය ආරම්භ වීමට නියමිතයි.













