UPDATE :යාපනයේ මියගිය රෝගීන් තිදෙනෙකුට ම මී උණ – අනිත් මරණ සංකූලතා මත සිදු වූවක් (වීඩියෝ)

යාපනය රෝහලේ හඳුනා නොගත් යැයි පැවසුණු උණ රෝගී තත්ත්වයෙන් පුද්ගලයින් හත්දෙනෙකු මියගොස් ඇති බවත්, ඉන් තිදෙනෙකු මී උණ රෝගය හේතුවෙන් මියගොස් ඇති බවටත් තහවුරු වී ඇති බව යාපනය
රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ටි.සත්‍යමූර්ති මහතා පවසනවා.

මියගිය තිදෙනෙකු මී උණ රෝගයෙන් මියගොස් ඇති බවට වෛද්‍ය වාර්තාවෙන් තහවුරු වී ඇති
බවයි හෙතෙම සඳහන් කළේ.

රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසුවේ; මියගිය අනෙක් තිදෙනාට ද උණ රෝගී තත්ත්ව වැළඳී ඇති අතර ඉන් ඇති වූ විවිධ සංකූලතා මරණයට හේතුව බවට නිගමනය කරන බවයි.

යාපනය රෝහලට ඇතුළත් කළ පුද්ගලයින් 06 දෙනෙකු කෙටි කාලයක් තුළ උණ රෝගයෙන් මියගිය අතර එක් පුද්ගලයෙකු මුලතිව් රෝහලේ දී මියගොස් තිබුණා.

පැවති අධික වර්ෂාපතනය සමග මී උණ රෝගය වැළඳී ඇතැයි වෛද්‍යවරුන් නිගමනය කරන බවත් ඉදිරියේදීත් ගොවි ජනතාව ඉන් ආරක්ෂා වීමට වගා කටයුතුවලට පළමුව මී උණ වැළැක්වීම වෙනුවෙන් වන ඖෂධ ලබා ගැනීම වැදගත් බවයි යාපනය රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

මියගිය පුද්ගලයින් වයස අවුරුදු 20 – 65ත් අතර වියෙහි පසුවන්නන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?