spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

Update – මහරගමට වතුර ගෙන යන නළය යථා තත්ත්වයට පත් කිරීම අද සවස්වන විට (වීඩියෝ)

කලටුවාව සිට මහරගම දක්වා ජලය රැගෙන යන ප්‍රධාන ජල නළයේ අද (17) අලුයම මෝටර් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් එම නළය හානියට ලක් වුණා.

මේ හේතුවෙන් ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවීමටයි කටයුතු කර ඇත්තේ.

හානියට පත් වූ ජල නළය අද (17) පස්වරුව වනවිට යථා තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇති බවයි කලටුවාව මෙහෙයුම් කළමණාකරු පියල් රාජපක්ෂ සඳහන් කළේ.

හයිලෙවල් මාර්ගයේ ගොඩගම ප්‍රදේශයේ දී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන කලටුවාව සිට මහරගමට ජලය රැගෙන යන විශාල නළයක ගැටීමෙන් එම නළය පුපුරා ගොස් තිබුණා.

මේ හේතුවෙන් විශාල ජලය අපතේ යාමක් සිදුව ඇති අතර, අසළ තිබූ විදුලි කණුවක් ද කැඩී ගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙම තත්ත්වයත් සමඟ ගොඩගම, හෝමගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලන්වත්ත සහ මත්තේගොඩ යන ප්‍රදේශවලට ජල සැපයුම මේ වනවිට අත්හිටුවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?