තංගල්ල ප්‍රදේශයේ දී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රවාහන කරමින් තිබිය දී අත්අඩංගුවට ගැනුණු ලොරි රථය තුළ තිබී ගිනි අවි හයක් ද සොයාගෙන ඇති බව වාර්තා වනවා.
අලුත්ම රිවොල්වර් පහක් සහ ටී-56 වර්ගයේ ගිනි අවියක් මෙලෙස රථය තුළ තිබී සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.
පොලීසිය පැවසුවේ තංගල්ල – කතරගම මාර්ගයේ ගොඩැල්ලවත්ත ප්‍රදේශයේ දී මෙම ලොරි රථය අත්අඩංගුවට ගත් බවයි.
අදාළ රථය සමඟ එක් සැකරුවෙක් ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොමඩු ප්‍රවාහනය කරන මුවාවෙන් කොමඩු අතර සඟවා අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් කිලෝග්‍රෑම් 200කට ආසන්න ප්‍රමාණයක් ලොරි රථයෙන් ප්‍රවාහනය කර ඇති බවයි වාර්තා වුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
1
+1
1
+1
4
+1
+1
1
+1
1





