Update – මත්ද්‍රව්‍ය සමඟ තංගල්ලේ දී ඇල්ලූ ලොරි රථය තුළ ගිනි අවි හයක් (වීඩියෝ)

තංගල්ල ප්‍රදේශයේ දී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රවාහන කරමින් තිබිය දී අත්අඩංගුවට ගැනුණු ලොරි රථය තුළ තිබී ගිනි අවි හයක් ද සොයාගෙන ඇති බව වාර්තා වනවා.

අලුත්ම රිවොල්වර් පහක් සහ ටී-56 වර්ගයේ ගිනි අවියක් මෙලෙස රථය තුළ තිබී සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

පොලීසිය පැවසුවේ තංගල්ල – කතරගම මාර්ගයේ ගොඩැල්ලවත්ත ප්‍රදේශයේ දී මෙම ලොරි රථය අත්අඩංගුවට ගත් බවයි.

අදාළ රථය සමඟ එක් සැකරුවෙක් ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොමඩු ප්‍රවාහනය කරන මුවාවෙන් කොමඩු අතර සඟවා අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් කිලෝග්‍රෑම් 200කට ආසන්න ප්‍රමාණයක් ලොරි රථයෙන් ප්‍රවාහනය කර ඇති බවයි වාර්තා වුණේ.