Empty Ad
AFC Banner
Empty Ad

Update – භූකම්පනයෙන් මියන්මාරයේ 144ක් මිය ගිහින් – මරණ ගණන ඉහළ යා හැකි බවට වාර්තා

මියන්මාරයට අද (28) බලපෑ රික්ටර් මාපකයේ 7.7ක භූමිකම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයින් 144 දෙනෙකු මිය ගොස් ඇති බව එරට හමුදා නායකයා පවසනවා.

එමෙන්ම තවත් පුද්ගලයින් 732 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ඔහු පවසන්නේ.

කෙසේ වෙතත් ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙම සංඛ්‍යාලේඛන ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

භූමිකම්පාවෙන් බලපෑම් එල්ල වූ නයි පියි ටෝ හි 96 දෙනෙකු, සයිගයිං හි 18 දෙනෙකු සහ මැන්ඩලේ හි 30 දෙනෙකු මෙලෙස මිය ගොස් ඇති බවයි හමුදා නායකයා වැඩිදුරටත් පැවසුවේ.

රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවෙන් පසු රික්ටර් මාපක 6.4 ක ප්‍රබල පසු කම්පනයක් ඇති වූ අතර, තායිලන්තය සහ චීනය යන රටවලට ද මෙම භූමිකම්පාවල බලපෑම් එල්ල වුණා.

ඒ, අනුව තායිලන්තයේ බැංකොක්හි ගොඩනැගිලි කඩා වැටුණු අතර, භූකම්පනයෙන් තායිලන්තයේ අගනුවර අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර බැංකොක් නගරයේ ඉදිවෙමින් පවතින උස් ගොඩනැගිල්ලක් කඩා වැටී සුන්බුන් යට සිරවී සිටින බවට විශ්වාස කෙරෙන පුද්ගලයින් 81 දෙනෙකු මුදාගැනීමට බලධාරීන් මේ වනවිටත් මෙහෙයුම් සිදුකරමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
4
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?