Update – භූකම්පනයෙන් මියන්මාරයේ 144ක් මිය ගිහින් – මරණ ගණන ඉහළ යා හැකි බවට වාර්තා

මියන්මාරයට අද (28) බලපෑ රික්ටර් මාපකයේ 7.7ක භූමිකම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයින් 144 දෙනෙකු මිය ගොස් ඇති බව එරට හමුදා නායකයා පවසනවා.

එමෙන්ම තවත් පුද්ගලයින් 732 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ඔහු පවසන්නේ.

කෙසේ වෙතත් ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙම සංඛ්‍යාලේඛන ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

භූමිකම්පාවෙන් බලපෑම් එල්ල වූ නයි පියි ටෝ හි 96 දෙනෙකු, සයිගයිං හි 18 දෙනෙකු සහ මැන්ඩලේ හි 30 දෙනෙකු මෙලෙස මිය ගොස් ඇති බවයි හමුදා නායකයා වැඩිදුරටත් පැවසුවේ.

රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවෙන් පසු රික්ටර් මාපක 6.4 ක ප්‍රබල පසු කම්පනයක් ඇති වූ අතර, තායිලන්තය සහ චීනය යන රටවලට ද මෙම භූමිකම්පාවල බලපෑම් එල්ල වුණා.

ඒ, අනුව තායිලන්තයේ බැංකොක්හි ගොඩනැගිලි කඩා වැටුණු අතර, භූකම්පනයෙන් තායිලන්තයේ අගනුවර අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර බැංකොක් නගරයේ ඉදිවෙමින් පවතින උස් ගොඩනැගිල්ලක් කඩා වැටී සුන්බුන් යට සිරවී සිටින බවට විශ්වාස කෙරෙන පුද්ගලයින් 81 දෙනෙකු මුදාගැනීමට බලධාරීන් මේ වනවිටත් මෙහෙයුම් සිදුකරමින් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14