Update – පෙම්වතා පැහැරගත් පෙම්වතිය අත්අඩංගුවට

ප්‍රේම සම්බන්ධයකට පිටුපෑ තරුණයකු පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයන් අවශ්‍යව සිටි තරුණියක් සහ තවත් පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

පින්වත්ත පොලිසිය පැවසුවේ අද (05) අලුයම් කාලයේ මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.

ඊයේ (04) පස්වරුවේ අළුබෝමුල්ල, පින්වත්ත අතුරු මාර්ගයේදී ත්‍රිරෝද රථයකින් පැමිණි තරුණියක් සහ තවත් පිරිසක් මෙම තරුණයාව පැහැරගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ.

පැහැරගත් තරුණයා සහ තරුණිය අතර කලක සිට ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති අතර, එහිදී තරුණයා විසින් තරුණියව විවාහ කරගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහුව මෙලෙස පැහැරගෙන තිබෙනවා.

තරුණයාව පැහැරගෙන ගොස් පාළු නිවසක සඟවාගෙන සිට නැවත මුදාහැර ඇති බව යි අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු තරුණිය ආරක්ෂක අංශයට සම්බන්ධව රාජකාරී කරන තැනැත්තියක් වන අතර, පැහැරගැනීමට ලක්වූ තරුණයා පෞද්ගලික සමාගමක සේවය කරන අයෙක් බව සඳහන්.

පැහැර ගැනීම සදහා සැකකරුවන් පැමිණි ත්‍රීරෝද රථය සහ එහි රියදුරු සොයා තවදුරටත් පරීක්ෂණ පවත්වන බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අද (05) පානදුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
1
+1
113
+1
7
+1
3
+1
4
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32
Video thumbnail
ප්‍රභූ ආරක්ෂාව ගැන ඇමති නලින්දගෙන් හෙළිදරව්වක් - සමහර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තියෙනවා
02:09
Video thumbnail
ගේ ඇතුලේ ඇඳ යට නිධන් හාරලා - බලද්දී ඇතුලේ තිබ්බ දේ..
02:14
Video thumbnail
බිත්තර, මස් මිල ඉහළ යයිද ?බඩ ඉරිඟු නැතිවුණොත් සත්ත්ව ආහාර නිෂ්පාදනය නවතිනවා
11:33
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:31
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52