Update – පියා සහ දරු දෙදෙනා අරණායක අම්බලමක මියගිය සිද්ධිය ගැන තොරතුරු රැසක් එළියට

අරණායක, පොල්අඹේගොඩ, ගොඩිගමුව අම්බලමක මියගොස් සිටියදී අද (06) පෙරවරුවේ සොයාගත් පියා සහ දරු දෙදෙනාගේ මරණයන් සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ මෙම පියා සහ දරු දෙදෙනා කලක සිට ඔවුන්ගේ මව සමඟ කිසියම් ආරවුලක්න් සිට ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවයි.

අදාළ කාන්තාව විදේශ ගතවීමට උත්සාහ කිරීමේ දී පියා විසින් ඊට විරුද්ධවීම හේතුවෙන් දෙදෙනා අතර පුද්ගලික ආරවුලක් තිබූ බවට තොරතුරු අනාවරණය තිබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඊයේ දිනයේ දී මෙම පියා විසින් බිරිඳව නිවසට කැඳවා ගැනීමට උත්සාකර ඇති අතර එය ඇය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් අනතුරුව මෙම පුද්ගලයා ගොඩිගමුව ප්‍රදේශයේ පිහිටි අම්බලමක ගෙළ වැලලාගෙන ඇති බවයි කරුණු අනාවරණය වී ඇත්තේ.

ඊට පෙර තම සය හැවිරිදි පුතු සහ නව හැවිරිදි දියණිය ඝාතනය කර, ඔහු ද දිවි නසාගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

පියාගේ සිරුර අම්බලමේ ප්‍රධාන බාල්කයේ එල්ලෙමින් තිබූ අතර, දරුවන් දෙදෙනාගේ සිරුරු පියා එල්ලි සිටි ස්ථානයේ බිම තිබී සොයා ගැනීමට පොලිසිය හැකිව තිබෙනවා.

මාවනැල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් මූලික පරීක්ෂණ සිදුකර ඇති අතර, කෑගල්ල මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ද එම අවස්ථාවට එක්ව සිටි බව සඳහන්.

මූලික පරික්ෂණ පැවැත් වූ මහේස්ත්‍රාත්වරයා මරණ සම්බන්ධයෙන් මරණ පරීක්ෂණ පවත්වා එහි වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි නියෝග කර ඇත්තේ.

මේ අතර දරුවන් දෙනාගේ සිරුරු දරුවන්ගේ මව විසින් භාර ගැනීමට කැමැත්ත පළ කර ඇති අතර, සැමියාගේ සිරුර භාර ගැනීමට ඇය ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව ඔහුගේ මළ සිරුර ඔහුගේ ඥාතීන් විසින් භාර ගැනීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29
Video thumbnail
කදපොළට අධික වර්ෂාපතනයක් ඇදහැලෙයි..මුළු පළාතක්ම මීදුමකින් වැසෙයි
02:25
Video thumbnail
දිස් ඉස් බිග් කුච්චන් - ගංජා පැල ටිකක් ඇවිල්ලා තියෙන්නේ
03:17
Video thumbnail
මන්ද බුද්ධික පාලකයන්ව ස්වභාව ධර්මයෙන් ඉවත් කරනවා..රන්වලගේ කෙරුවාව හොඳටම දන්නේ රනිල්
05:20
Video thumbnail
බාල බෙහෙත් ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
11:17
Video thumbnail
මුන් තියන් ඉන්නේ කකුල් දෙක මිරිකන්නද?..මාලිමාවට හැමදාම බලය නෑ..බලය ටික කාලයයි
05:17
Video thumbnail
අවතැන් වූවන් ආහාර සහ පහසුකම් ඉල්ලා උද්ඝෝෂණයක
03:08
Video thumbnail
කාලගුණ තොරතුරු ඉල්ලා සමගියේ සෙට් එකක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට..
08:03
Video thumbnail
මම තරහා නෑ - සජිත් හිනා වෙවී මාධ්‍යවේදීන්ට කිව්ව දේ
01:25
Video thumbnail
ජීවිත හානි අවම කරගන්න තිබුණු අවස්තාව ආණ්ඩුව නැතිකරලා දැම්මා
10:18


?