Empty Ad
AFC Banner
Empty Ad

Update – පාකිස්ථානයේ දුම්රිය අනතුරින් මියගිය සංඛ්‍යාව ඉහළට

දකුණු දිග පාකිස්ථානයේ දුම්රියක් පීලි පැනීමෙන් අද සිදුවූ අනතුරෙන් ජීවිත අහිමිවූවන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව බී.බී.සී. පුවත් සේවය වාර්තා කළේ මෙම අනතුරෙන් මියගොස් ඇති සංඛ්‍යාව 30ක් දක්වා ඉහල ගොස් ඇති බවයි
.
එමෙන්ම තුවාල ලැබූ සංඛ්‍යාව ද 100 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරට ලක්වූ දුම්රියේ මැදිරි තුළ ටවමත් පුද්ගලයින් සිර වී සිටින අතර, ඔවුන් බේරාගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක බව සඳහන්.

පාකිස්ථානයේ විශාලතම නගරය වන කරච්චියේ සිට කිලෝමීටර් 275ක් පමණ දුරින් පිහිටි නවාබ්ෂා හි සහරා දුම්රිය ස්ථානය අසල දී හසාරා නැමැති සීඝ්‍රගාමී දුම්රිය පීලි පැනීමෙන් මෙලෙස අනතුරට ලක් වුණා.

එරට දුම්රිය අමාත්‍ය සාද් රෆීක් පැවසුවේ අනතුර සිදුවන අවස්ථාවේ දී දුම්රිය සාමාන්‍ය වේගයකින් ධාවනය වී ඇති බවයි.

කෙසේ වෙතත් දුම්රිය පීලි පැනීමට හේතුව කුමක්ද යන්න තවමත් තහවුරු කරගෙන නැහැ.

පකිස්ථානයේ ඉපැරණි දුම්රිය මාර්ග පද්ධතියේ අනතුරු සුලභව සිදුවන බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්ද වදකාගාරය පොලීසියට සම්බන්ධයි - තිත්ත ඇත්ත මෙන්න
10:05
Video thumbnail
KASTHIRAMA | බටලන්ද දුක් කන්ද කොයිබටද ? විශේෂ කස්තිරම දේශපාලන වැඩසටහන සජීවීව
01:27:01
Video thumbnail
මහජන මුදල් හොරා කාපුවා - තාජුඩීන් ගැන හොයනවා කියලා ආවේ - දැන් බටලන්දක් අල්ලගෙන දඟලනවා
07:15
Video thumbnail
අම්බලන්ගොඩ රත් කළ වෙ#ඩිල්ල - බුදුන් පාමුල නිරුද්ධ කළ ප්‍රාණය
02:44
Video thumbnail
බටලන්දට විතරක් - ඉර එලිය වැටිලා වැඩක් නෑ - උවිඳු විජේවීර ආණ්ඩුවට වටෙන් ඇන්න ටොක්ක
10:03
Video thumbnail
ජනපති අනුර කුමාර දිසානායකගේ සහභාගීත්වයෙන් විශේෂ ඉෆ්තාර් උත්සවයක්
02:57
Video thumbnail
කුණ්ඩසාලේ බලය සජබය අතට ගනී
11:43
Video thumbnail
හැටන් ස්ටේෂන් එකේ එක විජ්ජුම්බරයයි - අග ඉඳලා මුලට වෙච්ච සිදුවීම මෙන්න
04:49
Video thumbnail
කිරිඇල්ලගේ දුව නුවර බලය අල්ලන වැඩේට අත ගහයි
06:49
Video thumbnail
බටලන්ද වාර්තාව ආවා විතරයි ගැමුණුත් වාර්තාවක් එළියට දායි
14:33

?