Update – පාකිස්ථානයේ දුම්රිය අනතුරින් මියගිය සංඛ්‍යාව ඉහළට

දකුණු දිග පාකිස්ථානයේ දුම්රියක් පීලි පැනීමෙන් අද සිදුවූ අනතුරෙන් ජීවිත අහිමිවූවන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව බී.බී.සී. පුවත් සේවය වාර්තා කළේ මෙම අනතුරෙන් මියගොස් ඇති සංඛ්‍යාව 30ක් දක්වා ඉහල ගොස් ඇති බවයි
.
එමෙන්ම තුවාල ලැබූ සංඛ්‍යාව ද 100 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරට ලක්වූ දුම්රියේ මැදිරි තුළ ටවමත් පුද්ගලයින් සිර වී සිටින අතර, ඔවුන් බේරාගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක බව සඳහන්.

පාකිස්ථානයේ විශාලතම නගරය වන කරච්චියේ සිට කිලෝමීටර් 275ක් පමණ දුරින් පිහිටි නවාබ්ෂා හි සහරා දුම්රිය ස්ථානය අසල දී හසාරා නැමැති සීඝ්‍රගාමී දුම්රිය පීලි පැනීමෙන් මෙලෙස අනතුරට ලක් වුණා.

එරට දුම්රිය අමාත්‍ය සාද් රෆීක් පැවසුවේ අනතුර සිදුවන අවස්ථාවේ දී දුම්රිය සාමාන්‍ය වේගයකින් ධාවනය වී ඇති බවයි.

කෙසේ වෙතත් දුම්රිය පීලි පැනීමට හේතුව කුමක්ද යන්න තවමත් තහවුරු කරගෙන නැහැ.

පකිස්ථානයේ ඉපැරණි දුම්රිය මාර්ග පද්ධතියේ අනතුරු සුලභව සිදුවන බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:36:36
Video thumbnail
🔴Breaking News
03:02
Video thumbnail
ඇමති සුසිල් ඉදිරියේම බැකෝ එකට නැගලා වැඩ පෙන්නපු මන්ත්‍රී
03:24
Video thumbnail
පුතා පැදවූ රියෙන් මව අවසන් ගමන් යයි - දානෙකට ගිහින් එනකොට අත්වූ බිහිසුණු ඉරණම
01:17
Video thumbnail
හොඳටම බීලා යකා නටපු හාමුදුරුවෝ - තුරුම්පු ඉස්කෝප්ප..ගහන්න අපිත් දන්නවා..CID පොරක් කියන්න දන්නේ නෑ
01:14
Video thumbnail
යෝෂිත රාජපක්ෂ ප්‍රශ්නවලට උත්තර නොදී අල්ලස් කොමිසමට එයි
00:42
Video thumbnail
මාල කඩපු හොරාට ටවුන් එකේදිම මිනිස්සු වටවෙලා ගුටි පූජාවක් දෙයි
00:50
Video thumbnail
වනඅලි ප#රදීමකින් නිවසක් සම්පුර්ණයෙන්ම විනාශයි
00:34
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අල්ලස් කොමිසමට එයි - ප්‍රශ්නවලට උත්තර නොදී ගැම්මට එන හැටි
01:06
Video thumbnail
ගෝඨාභය නිර්දෝශීනම් අදෝනා නගන්න එපා - හිටපු ජනපතිද ඉන්න ජනපතිද වැඩක් නෑ
03:29