AFC Banner
AFC Banner
Empty Ad

Update – නිදහස් දින පෙරහුරුවේ දී සිදුවූ පැරෂුට් අනතුරෙන් භටයින් 04ක් රෝහලේ

නිදහස් දින පෙරහුරු අතරතුර සිදුවූ පැරෂුට් අනතුරෙන් පැරෂුට් භටයින් සිව්දෙනෙකු මේ වනවිට තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ පැරෂුට් භටයින් දෙදෙනෙක් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පැරෂුට් භටයින් දෙදෙනෙකු මෙලෙස තුවාල ලබා ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

තුවාල ලැබූ පැරෂුට් භටයින් සිව්දෙනා රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

පෙරහුරුව අතරතුර දී ඉහළ අහසේ දී පැරෂුට් දෙකක් එකිනෙක පැටලී අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
8
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?