Update – තෝරයායේ බස් අනතුරෙන් පසු පලාගොස් සිටි රියදුරෙක් අත්අඩංගුවට (ඡායාරූප)

කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේ අද (10) අලුයම බස් රථ දෙකක් ගැටී සිදු වූ අනතුර සම්බන්ධයෙන් එක් බස් රථ රියදුරෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දොරටියාව පොලිස් ස්ථානය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනතුර සිදුකළ බව කියන මාඳුරුඔය සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයේ රියදුරු බාවයි පොලිසිය සඳහන් කළේ.

මෙම රියදුරා අනතුර සිදුවිමන් පසු එම ස්ථානයෙන් පලාගොස් සිටිය දී අත්අඩංගුවට ගත් බව පොලිසිය වැඩිදුරටත් පැවසුවා.

කඳුරුවෙල සිට කුරුණෑගල දක්වා ධාවනය වූ බස් රථයක් මගීන් නංවා ගැනීමට තෝරයාය ප්‍රදේශයේ නතර කර තිබියදී මාදුරුඔය සිට කොළඹ බලා ධාවනය වූ බස් රථය එහි පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

පොලිසිය සඳහන් කළේ මාදුරුඔය සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයේ අධික වේගය මෙම අනතුරට හේතු වී ඇති බවයි.

අද උදෑසන 4.45ට පමණ සිදුවූ මෙම දරුණු අනතුරින් කතාවක් ඇතුළු සිව්දෙනෙක් ජීවිතක්ෂය පත් වූ අතර, විස්සකට වැඩි පිරිසක් තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

අනතුර සිදුකළ බස් රථයේ කොන්දොස්තරවරයා ද මියගිය සිව්දෙනා අතර සිටින බව පොලිසිය පැවසුවා.

477428550 3590696894407610 3546933680255102375 n
477077536 3590696947740938 4521162974627045812 n
477150914 3590697304407569 5810437323180255621 n
476900594 3590697204407579 3777468227065208193 n
476923324 3590697137740919 5787937610093108306 n
477002457 3590697244407575 5065147822201350935 n
476617013 3590697041074262 3440898408900182629 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08
Video thumbnail
JVP එකේ පැවැත්ම රැදිලා තියෙන්නේ අල්ලස් මත..දිවි අහිමිවූ තරුණයෝ අද හිටියනම් මාලිමාවට එරෙහිව නැගිටිනවා
06:49
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57
Video thumbnail
බහුදින යාත්‍රාවකට ලක්ෂ එක හමාරක ඉන්ධන දීමනාවක්..ඉන්ධන මිලට වඩා රු. 50ක් අඩුවෙන් දෙන්නේ
02:08
Video thumbnail
AI සජිත් ප්‍රේමදාස නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
21:26
Video thumbnail
කබීර් හොඳම එකෙන් අමතද්දි ජනාධිපති සහන මල්ලක් අරගෙන පාර්ලිමේන්තුවට එයි
02:36
Video thumbnail
මරික්කාර් බිමල්ට දාපු කින්ඩිය
00:57