Update – තල්ගහවිල වෙඩි තැබීමෙන් මියගිය දෙදෙනා මංකොල්ලයකට සම්බන්ධ දෙදෙනෙක් බවට තොරතුරු

මොරගහහේන පොලිස් වසමේ තල්ගහවිල, මාලොස්ඇල ප්‍රදේශයේ දී අද (07) දහවල් 12.45ට පමණ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මංකොල්ලයකට සම්බන්ධව ඇප මත මුදාහැර සිටි පුද්ගලයින් දෙදෙනෙක් බවයි වාර්තා වුණේ.

රත්නපුර ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවිසැලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් විභාග වෙන නඩුවක ඇප කොන්දේසියකට අනුව සෑම ඉරිදා දිනකම මොවුන් දෙදෙනාට රත්නපුර පොලිසියේ පෙනී සිටින ලෙස නියෝග කර තිබූ බව සඳහන්.

ඒ, අනුව මොවුන් දෙදෙනා රත්නපුර පොලිස් ස්ථානය වෙත ගොස් ත්‍රිරෝද රථයකින් නැවත පැමිණෙමින් සිටිය දී මෝටර් රථයකින් පැමිණි නාඳුන පිරිසක් විසින් මොවුන්ට වෙඩි තබා පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි වැදුණු පුද්ගලයින් දෙදෙනා හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මිය ගියේ 63/2, හිරිපිටිය, පන්නිපිටිය ලිපිනයේ පදිංචි රූපසිංහ අරාච්චිගේ නයනානන්ද පෙරේරා නැමැති අවුරුදු 52ක පුද්ගලයෙන් සහ 114/1, තානායම් ගොඩැල්ල, සිද්ධමුල්ල, පිළියන්දල ලිපිනයේ පදිංචි විතානගේ වසන්ත පෙරේරා නැමැති වයස අවුරුදු 50ක අයෙක්.

මේ අතර වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථයෙන් රත්නපුර සිට ම ත්‍රීරෝද රථය පසුපස පැමිණ ඇතැයි පොලිසිය සැක කරනවා.

මෙම වෙඩි තැබීම සඳහා මිලිමීටර් 09 වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මොරගහහේන පොලිස් ස්ථානය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?