Update – තල්ගහවිල වෙඩි තැබීමෙන් මියගිය දෙදෙනා මංකොල්ලයකට සම්බන්ධ දෙදෙනෙක් බවට තොරතුරු

මොරගහහේන පොලිස් වසමේ තල්ගහවිල, මාලොස්ඇල ප්‍රදේශයේ දී අද (07) දහවල් 12.45ට පමණ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මංකොල්ලයකට සම්බන්ධව ඇප මත මුදාහැර සිටි පුද්ගලයින් දෙදෙනෙක් බවයි වාර්තා වුණේ.

රත්නපුර ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවිසැලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් විභාග වෙන නඩුවක ඇප කොන්දේසියකට අනුව සෑම ඉරිදා දිනකම මොවුන් දෙදෙනාට රත්නපුර පොලිසියේ පෙනී සිටින ලෙස නියෝග කර තිබූ බව සඳහන්.

ඒ, අනුව මොවුන් දෙදෙනා රත්නපුර පොලිස් ස්ථානය වෙත ගොස් ත්‍රිරෝද රථයකින් නැවත පැමිණෙමින් සිටිය දී මෝටර් රථයකින් පැමිණි නාඳුන පිරිසක් විසින් මොවුන්ට වෙඩි තබා පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි වැදුණු පුද්ගලයින් දෙදෙනා හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මිය ගියේ 63/2, හිරිපිටිය, පන්නිපිටිය ලිපිනයේ පදිංචි රූපසිංහ අරාච්චිගේ නයනානන්ද පෙරේරා නැමැති අවුරුදු 52ක පුද්ගලයෙන් සහ 114/1, තානායම් ගොඩැල්ල, සිද්ධමුල්ල, පිළියන්දල ලිපිනයේ පදිංචි විතානගේ වසන්ත පෙරේරා නැමැති වයස අවුරුදු 50ක අයෙක්.

මේ අතර වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථයෙන් රත්නපුර සිට ම ත්‍රීරෝද රථය පසුපස පැමිණ ඇතැයි පොලිසිය සැක කරනවා.

මෙම වෙඩි තැබීම සඳහා මිලිමීටර් 09 වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මොරගහහේන පොලිස් ස්ථානය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22