Update – ජීවිත 11ක් අහිමි කළ බස් රථ අනතුරේ රියදුරු ගැන පොලිසියෙන් අනාවරණයක් (වීඩියෝ)

ජීවිත 11ක් අහිමි කරමින් මනම්පිටිය ප්‍රදේශයේ ඊයේ (09) රාත්‍රියේ සිදුවූ මාරක අනතුරේ බස් රථය පැදවූ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා.

පොළොන්නරුව මූලස්ථාන පොලිසිය විසින් මෙම රියදුරා අත්අඩංගුවට ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මෙම රියදුරාට එරෙහිව පොළොන්නරුව මූලස්ථාන පොලිසිය විසින්, අන්තරාදායක ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් දඬුවම් නියම කිරීමක් මීට පෙරත් සිදුකර ඇති බවයි අනවරණය වී ඇත්තේ.

මේ අතර බස් රථ රියදුරා කිසියම් විෂ මත්ද්‍රව්‍යක් භාවිත කර සිටියේ ද යන්න දැනගැනීම සඳහා පරීක්ෂණයකට යොමුකළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මනම්පිටිය – කොටලීය පාලමෙන් පහළට කදුරුවෙල සිට අක්කරෙයිපත්තුව බලා ධාවනය වූ බස් රථයක් පෙරලීයාමෙන් ඊයේ (09) රාත්‍රියේ දරුණු අනතුරක් සිදු වුණා.

මෙම අනතුරින් 11 දෙනෙක් මියගොස් ඇති අතර, 40 දෙනෙක් තුවාල ලැබුවා.

කෙසේ වෙතත් මෙම අනතුර සිදුවන අවස්ථාවේ දී බස් රථය තුළ කොපමණ මගීන් පිරිසක් සිට ඇත්දැයි නිශ්චිත වශයෙන් තහවුරු වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

ඒ, අනුව අනතුර සිදු වූ ස්ථානය සහ ඒ අවට තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදුකරන බව ඔහු සඳහන් කර සිටියා.

අනතුරෙන් මිය ගිය අය අතර නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනකු ද සිටින බව වාර්තා වනවා.

ඊට අමතරව මියගිය අය අතර කාන්තාවක් සහ 16 හැවිරිදි දරුවකු ද සිටින බව පොලිසිය පැවසුවා.

බස් රථයේ අධික වේගය සහ රියදුරුගේ නොසැළකිල්ල මෙම අනතුරට හේතුවන්නට ඇති බවයි පොලීසිය සැකපළ කරන්නේ.

මෙම අනතුර සම්බන්ධයෙන් පොළොන්නරුව මූලස්ථාන පොලිසිය සහ මනම්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

https://youtu.be/npEqT-tpY0c
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
38
+1
3
+1
21
+1
340
+1
39
+1
39
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?