Update – ජීවිත 11ක් අහිමි කළ බස් රථ අනතුරේ රියදුරු ගැන පොලිසියෙන් අනාවරණයක් (වීඩියෝ)

ජීවිත 11ක් අහිමි කරමින් මනම්පිටිය ප්‍රදේශයේ ඊයේ (09) රාත්‍රියේ සිදුවූ මාරක අනතුරේ බස් රථය පැදවූ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා.

පොළොන්නරුව මූලස්ථාන පොලිසිය විසින් මෙම රියදුරා අත්අඩංගුවට ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මෙම රියදුරාට එරෙහිව පොළොන්නරුව මූලස්ථාන පොලිසිය විසින්, අන්තරාදායක ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් දඬුවම් නියම කිරීමක් මීට පෙරත් සිදුකර ඇති බවයි අනවරණය වී ඇත්තේ.

මේ අතර බස් රථ රියදුරා කිසියම් විෂ මත්ද්‍රව්‍යක් භාවිත කර සිටියේ ද යන්න දැනගැනීම සඳහා පරීක්ෂණයකට යොමුකළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මනම්පිටිය – කොටලීය පාලමෙන් පහළට කදුරුවෙල සිට අක්කරෙයිපත්තුව බලා ධාවනය වූ බස් රථයක් පෙරලීයාමෙන් ඊයේ (09) රාත්‍රියේ දරුණු අනතුරක් සිදු වුණා.

මෙම අනතුරින් 11 දෙනෙක් මියගොස් ඇති අතර, 40 දෙනෙක් තුවාල ලැබුවා.

කෙසේ වෙතත් මෙම අනතුර සිදුවන අවස්ථාවේ දී බස් රථය තුළ කොපමණ මගීන් පිරිසක් සිට ඇත්දැයි නිශ්චිත වශයෙන් තහවුරු වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

ඒ, අනුව අනතුර සිදු වූ ස්ථානය සහ ඒ අවට තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදුකරන බව ඔහු සඳහන් කර සිටියා.

අනතුරෙන් මිය ගිය අය අතර නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනකු ද සිටින බව වාර්තා වනවා.

ඊට අමතරව මියගිය අය අතර කාන්තාවක් සහ 16 හැවිරිදි දරුවකු ද සිටින බව පොලිසිය පැවසුවා.

බස් රථයේ අධික වේගය සහ රියදුරුගේ නොසැළකිල්ල මෙම අනතුරට හේතුවන්නට ඇති බවයි පොලීසිය සැකපළ කරන්නේ.

මෙම අනතුර සම්බන්ධයෙන් පොළොන්නරුව මූලස්ථාන පොලිසිය සහ මනම්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

https://youtu.be/npEqT-tpY0c
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
38
+1
3
+1
21
+1
340
+1
39
+1
39
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ණය ප්‍රශ්නයකට කඩේ කු#ඩු කරපු චණ්ඩියා..වරෙන් එළියට..වරෙන්..මම ඇතුළට එන්නද?
01:22
Video thumbnail
කිරෙන්වත් හෝදලා මේ වංචාව වහගන්න බැරිවෙයි l Mahinda Amaraweera
02:30
Video thumbnail
ආරවුලක් දුරදිග ගිහින් පියා, දියණියගේ අනියම් සැමියාව එළොව යවලා
00:41
Video thumbnail
සෝමරතන හිමිගෙන් තිස්ස කුට්ටිට සැර සත්තමක්..කාදිනල් හිමිට පාරට බහින්න කියන්න කවුද ඔයා ?
07:39
Video thumbnail
සඳාගේ පොඩි එකා ඇඟිල්ලක් පෙන්නලා..අපේ කොල්ලා ඒ මොකක්ද අහපුවම ග#ලා
03:50
Video thumbnail
චීන අයියා පොලිසියෙන් ගේම ඉල්ලයි
00:49
Video thumbnail
වැල්ලවායේ දැඩි උණුසුම් තත්ත්වයක්..ආණ්ඩුව හොඳයි උගේ අම්මගේ රෙද්ද
00:51
Video thumbnail
පාස්කු මහමොළකරු ගැන පාඨලී කිව්ව දේ..ත්‍ර#තවාදීන් පරාද කරපු අය වෙන නඩුවලින් ඇතුළට දානවද ?
03:11
Video thumbnail
Kasthirama | " බාල ද නැද්ද ? " තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:46
Video thumbnail
මඟ නොහැර අද හවසට අහස බලන්න..ග්‍රහලෝක 6ක්ම අද බලන්න පුළුවන්
02:32